
(රෝෂන් තුෂාර)
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ අතර ඇපකරුට නොතීසි ද නිකුත් කළේය.
2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
සැකකාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඥානසාර හිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයේ පෙනී සිටීමට අද දින නොහැකි බවය.
නඩුවේ තීන්දු ප්‍රකාශය ලබාදීමට නියමිතව තිබූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තු නිකුත් කරමින් ඇපකරුට නොදීසි නිකුත් කළේය.
2025 නොවැම්බර් මස 04
15
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1998
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඥානසාර හිමිට වරෙන්තු
රාජපක්ෂ Thursday, 19 December 2024 01:23 PM
අපේ ආණ්ඩුවක් තිබ්බනම් අපේ හාමුදුරුවන්ගේ මයිල් ගහක්වත් හොල්ලන්න දෙන්නේ නෑ.
පැරකුම් Friday, 20 December 2024 11:02 AM
මේ තවදුරටත් බෞද්ධ භික්ෂුවක්ද? මම නම් එහෙම හිතන්නේ නෑ.