( තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් තම්මිට පදිංචිව සිටි 57 හැවිරිදි කාන්තාවකට,ඥාති පුත්‍රයෙකු විසින් පිහි පහරක් එල්ල කිරීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ලියනගේ මේරි ස්වර්ණා නමැති තිදරු මවකි.
ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (29) සවස පිහි ඇනුම සිදුව ඇති බවත් ඉන් තුවාල ලැබූ කාන්තාව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන අතර සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩකඩම්වලට මොකට මරා ගන්නවද මන්දාදා . වතුයායවල් ඉඩකඩම් කොච්චර ගොඩක් තිබුනත් අන්තිමට යන්ට වෙන්නෙ හතර රියනක තමයි.
AKD ගෙ පුංචි අම්මා නෙවෙයිනේ ද?
ඔය ගෑනි මැරෙන්න ඇත්තේ ඉඩම නිසා නොවේ... කට නිසා. දැන් ගෙදර වටේ ගෙවල් වලට කනක් ඇහිලා ඉන්න පුළුවන් ඇති...