(විමුක්ති රුද්‍රිගු)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති මහාචාර්ය ලසන්ති ජයතුංග මහත්මිය අද වැඩ බාර ගත්තාය.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ අධ්‍යයනාංශයේ ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරියක් වන අතර අධ්‍යාපන, පර්යේෂණ සහ වෘත්තීය ක්ෂේත්‍රයන්හි වසර 25කට වැඩි පළපුරුද්දක් ඇත.  

මීට පෙර ඇය එම අධ්‍යයනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබිණි.