(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලූම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේ දී මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මේ වනවිටත් සකස් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෙන් ආවත් ආසන 3 යි. වෙරි සොරි...
කොහොමත් මාලිමාවෙන් හරි, යායුතු පාර දැන්වත් බොරුව දාන්නේ නැතුව හොයාගත්තා නම් හොඳයි.
රතු අලිපැටියා සලකුණෙන් ආවොත්, රනිල් මහත්තයාට දෙන ඡන්ද ටිකවත් ලැබේවි... 1967දී පමණ රෝහණ විජේවීර මහතා නිර්මාණය කළ, JVPයට, අදට අවුරුදු 52ක් ගතවුණත්, අද JVP යට ලැබුනේ 3%ක් පමණයි. විජේවීර JVP යේ ප්‍රථම මැතිවරණයේදී, 1982 ජනාධිපතිවරණයේ ඡන්ද 273,428 ලබාගනිමින් 4.2% ප්‍රතිශතයක් වාර්තා කළා. අද ඉන්න අයියලා/ "රතු" අලි පැටව් ටික, ඒක කොළ අලියාගේ බෙල්ලේ සීනුව දමා නැති කළා...
මාලිමාවක් තිබිලත් යන පාර හොයාගන්න බැරි මැට්ටන්ට ඡන්දෙ දෙන්න ජනතාව මෝඩ නැහැ...
මේ පාර නම් පුංචිඅම්මාගේ ඡන්දෙත් නැතිවෙයි වගේ...
කොහොම ආවත් පරාජය තමයි. මිනිස්සුන්ට ඉතිහාසය මතකයි.
ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිලිනොගන්නා ජවිපය කිසිදා බලයට එන්නේ නැත..
කණගාටුවෙන් වුණත් මේක කියන්න ඕනෑ. ජවිපෙට ලංකාවේ දේශපාලනය ගැලපෙන්නේ නැහැ. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ කතා කරන්න ඕන බඩටයි, පපුවටයි. මොළයට කතාකළාට වැඩක් නැහැ. ඇයි වැඩි දෙනෙකුට මොළයක් නැහැනේ... මොනවා වුණත් මේ පාර මහමැතිවරණයේ ජවිපෙ ආසන 10කට ආසන්න ගානක් ගන්නවා.
සංජීව, ඔයාටයී, ඔයාගේ ජවිපෙටයි පමණද මොලේ තියෙන්නේ? ලොකු ටෝක් දෙන්න එපා. මොලයක් තියනවා නම්, ජනාධිපතිවරණයේ ඡන්ද විශ්ලේෂණය අනුව ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 1 ආසනයකුත්, ගම්පහින් 1 කුත්, කුරුණෑගලින් 1කුත්, ජාතික ලැයිස්තුවෙන් 1කුත් සමග 4 ක් පමණයි.. දැන ගන්න. රතු අලි පැටව් රංචුව, මාලිමා යන්ත්‍රය මාර්ගයෙන් වල් වදින්න කැලයක් හොයාගන්න කාලය ඇවිත්... දියවන්නාවට නම් රතු අලි පැටව් එපා...
සීනුව නැතුව වෙන මොකකින් ආවත් 3 % ගන්න පුළුවන්...
3% නේ මාලිමාව...
මෙතැනදී අපි බලන්න ඕනේ ජවීපෙ විසින් කියන කරුණු සත්‍යද කියන එක. අපේ මිනිස්සු තාම ඡන්දෙ දෙන්නේ තමන්ගේ අශ්වයා දින්නොත් ඇති කියන පදනමේ ඉඳගෙන. තමන්ගේ දරුවට පාසලක් නෑ, බඩු මිල අහස උසට, බෙහෙත් ටිකත් සල්ලිවලට ගන්න ඕනේ, ලැබෙන ආදායම මදි ජීවත් වෙන්න. කෝප් කමිටුවලින් එහෙම ඔප්පු වෙනවා හොරකම් කරලා කියලා කෝ ඒ අයට දඩුවම්. එක්කෝ ඕනේ නෑ ඒ අපේ අයනේ ඒ ඉන්නේ. අපි දඩුවම් අපේ ළමයින්ට දෙමු ඒ අය ඒවා විඳී. මම කැපුවත් ජවිපෙ නොවන අතර දැනට දැකිය හැකි විසදුම ඒ බව වැටහෙන නිසා ඊට එකග වෙමි.
ඔව් ඔව් නැත්නම් උතුර දකුණ හොයාගන්න බැරි වෙනවා මේ වතාවෙත්,ඕකෙන්ම එන එක හොඳයි
ඒක හොඳයි.
නරකද එන පාර මාලිමාව වෙනුවට පන්දම ලකුණ හැටියට තොරාගත්තොත්? එතකොට කළුවරේ පාර හොයා ගන්නත් පුළුවන් එහෙම නැතිනම් වෙන වැඩට පාවිච්චි කරන්නත් පුළුවන්...