
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ සහ සුදත් එච්. එම්. හේවා)
වත්මන් රජය විසින් වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ලබාදිමට රජය කටයුතු නොකරන්නේ නම් තමන් රජයට දක්වන සහයෝගයෙන් ඉවත් වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ජිවන් තොණ්ඩමන් මහතා (02) දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස මුලස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා මෙසේ පැවසිය.
‘ලංකා කම්කරු කොංග්‍රසය රජයට සහයෝගය දෙන්න තිරණය කලේ රජය කෙරෙහි ලොකු විශ්වාසයක් තබා ගනිමින්. වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කරන බවට අපට පොරොන්දු වු නිසා. වත්මන් රජයේ ක්‍රියා පටිපාටිය පිලිබදව මම විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයෙත් විශාල පිරිසක් දැඩි කල කිරිමෙන් ඉන්නේ.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයයි, තාත්තයි කරපු දේ නොකළොත් තමයි ඔයලගේ තව පරම්පරා 10ක් ආවත් ඉතින් අහිංසක වතුකම්කරුවෝ දුක්විඳවලා ඒක විකුණලා කන එක තමයි රස්සාව...
ඉතින් යන්න...
මෙයාට ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕනෑහින්දා මිනිස්සුන්ට මුකුත් වුනේ නැහැ කියනවා. කැබිනට් ඇමතිකමක් ලැබුණා නම් කොහොමද?
දැන් වෙන්දේසියේ ලංසු තියන වෙලාව... තව ටික දවසකින් වැඩිම ලංසුවට විකිණිලා යාවි... අපි නොදන්න චෙස්.
මේ ගොල්ලන් වතුකම්කරුවන් ගොනාට අන්දමින් පරම්පරා 3 නිතරම පාලක පක්ෂයේ ඉඳන් සුරසැප විඳිමින් මඩිය තරකරගත්තා... වතුකම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වැනි දේවල් හැමදාම, මෙයා ජනාධිපති වුණත් වතු කම්කරුවන් විසින් මෙයාට ගල්ගසා පලවා හරිනු ඇත.
රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නකොට ඔයාට විතරද බඩගින්න දැනෙන්නේ..? ගොන් පාට් නොදා ඉන්න...