
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුලු ජීවන වියදම ඉහල යාමට විරෝධය පළකරමින් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයක් දෙමටගොඩ ගුවන් පාලම අසලදී අද (05) රාත්‍රියේ පැවැත්විණ.
විරෝදතාකරුවන් පන්දම් දල්වමින්, ගෑස් සිලින්ඩර රැගෙන එමින් සටන් පාඨ කියමින් ගුවන් පාලම අසල රාත්‍රී 7.00 සිට පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
ඉන්ධන මිල පහත හෙලනු, ජනතාවට සහන දෙනු, ස ෆෙල් ස ගෙ ආණ්ඩුවත් ෆෙල්, කුස්සියට ගෑස් නෑ, රටටම කරන්ට් නෑ, බඩට කන්න නෑ, ආණ්ඩුවට මොලේ නෑ, යන විරෝධතාපුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුලු ජීවන වියදම ඉහල යාමට විරෝධය පළකරමින් සමගි ජනබලවේගයේ නියෝජිතයින් පන්දම් දල්වමින්, ගෑස් සිලින්ඩර රැගෙන එමින් සටන් පාඨ කියමින් දෙමටගොඩ ගුවන් පාලම අසල විරෝදතාවයේ නිරතව සිටි අයුරු.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන්.....ඩියර් ...අපිට මනාපේ දෙන්න අපි පැය 24න් ජිවන වියදම බිංදුවටම බස්සල සියලු බඩු භාන්ඩ නොමිලේම පුරවැසියන්ට ලබා දෙනවා...මොකද අපේ ලොක්කා ආර්ථික විද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ, තර්ක සාස්තරේ ඒ සෑම විෂයකම කෙල පැමිණි පුතානෝ නිසා මේවා ප්‍රශ්නද.....
ඉහල ගියා ගියා කිව්වට ජනතාවට ජිවත් වෙන්න බැරි ප්‍රශ්නයක් නෑ.
ජිවන වියදම් ඉහල යැමට වගකිවයුත්තෙ ස. ජ්. බ. යයි . පසුගිය රජය ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ සියල්ල සිදුවිය , ඒ කාලයේ කොවිඩ් වසන්ගතයක් රට තුල තිබුනෙත් නැත .
මේ අය ආවොත් මීට වඩා අන්තයි. බඩුමිල කෙසේවෙතත් නැවතත් අන්තවාදීන් රඟන්න පටන් ගන්නවා. ගමේ එකා වෙනමම ක්‍රියාත්මක කරනවා.... ලංකාව සුදු තොප්පි දාන රටක් කරන්න. සජිත්ට ඕනේ බලය විතරයි.. ජාතියට කුමක් වුවත් කම් නැත..
ඕක පාලකයෝ සැප විඳින්න මහ රෑ කරන්නේ යක්කුන්ට පේන්නද? ඇයි දවල්ට කරන්න එපා කියලා යාලුවා කිව්වාද?