IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජීවිතේ එපා වූවන්ට ජීවිතේ දෙන්න පාපැදි සවාරියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන්ට එයට පිළිතුරක් ලබා ගැනීම සඳහා මග පෑදීමට නොමිලේ ක්‍රියාත්මක වන 1333 දුරකතන අංකය සහ එම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන "බයිකතන් 2024" පාපැදි සවාරියේ පළමු අදියර හෙට (29) කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ විය.

"බයිකතන් 2024" පාපැදි සවාරියේ මුළු දුර ආසන්න වශයෙන් කිලෝ මීටර 1333 ක් වන අතර පළමු අදියර කොළඹින් ආරම්භ වී කිතුල්ගලින් අවසන් වනු ඇත. මෙවර බයිකතන් පාපැදි සවාරිය තේමාව "ජීවිත බේරා ගැනීමට යන ගමන්" ලෙස නම් කර තිබේ. සී.සී.සී පදනම මගින් පවත්වා ගෙන යන 1333 අර්බුද නිරාකරණ සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වාර්ෂිකව බයිකතන් පාපැදි සවාරිය සංවිධානය කරනු ලබයි.

මෙවර පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (27) මාධ්‍ය හමුවක් පැවැති අතර එහිදී සී.සී.සී පදනමේ නිර්මාතෘ ජේත දේවපුර මහතා කියා සිටියේ 2009 වසරේ ඇරැඹී 1333 දුරකතන අර්බුද නිරාකරණ සේවයට මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට සහාය වීමට හැකියාව ලැබී ඇති බවයි. වාර්ෂිකව පවත්වන "බයිකතන්" පාපැදි සවාරියට සාර්ථකව 1333 ගාස්තු රහිත අර්බුද නිරාකරණ සේවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය පහළ දැමීමට යම් ආකාරයක දායකත්වයක් ලබාදීමට 1333 දුරකතන අංකයට හැකියාව ලැබී තිබෙන බවත්ය.

සියදිවි හානි කර ගැනීම් තුළින් දිනකට ශ්‍රී ලාංකිකයන් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් මිය යන බවත් එලෙස මියයන සෑම පුද්ගලයකුටම අනුපාතිකව සියදිවි නාසා ගැනීමට උත්සාහ කරන තවත් 30 කට වඩා වැඩි පිරිසක් සිටින බවත් දේවපුර මහතා පැවැසුවේය. එහෙයින් 1333 දුරකතන අංකය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන් හඳුනාගනිමින් එම පීඩන සහ අර්බුදවලට මුහුණදීමට ඔවුන් හැඩගැස්වීම සහ බලගැන්වීම බව දේවපුර මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව කොළඹ ඒ.සී.එල් සමාගමේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර එයට සී.සී.සී පදනමේ නිර්මාතෘ ජේත දේවපුර සහ සී.සී.සී පදනමේ ශ්‍රී ලංකා සභාපති සුරේෂ් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.



අදහස් (1)

ජීවිතේ එපා වූවන්ට ජීවිතේ දෙන්න පාපැදි සවාරියක්

රම්බොඩ Wednesday, 28 August 2024 04:06 PM

මොකද්ද මේ ආයතනය? අසරණ වූවන් මෝහයට ගෙනෙන තැනක්ද?

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site