
(නිමල කොඩිතුවක්කු)
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
ජලය සැපයීමේදී යම් ගැටලුවක් මතුවුවහොත් 1939 ට දැනුම්දීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, මේ පෑවිල්ලට වැව්, අමුණු, ජලය ඔක්කොම හිදිලා යනවා.
මෙහෙම ගියොත් නම් ලයිට් නැතිව කුප්පි ලාම්පු පත්තු කරන් තමයි ඉන්න වෙන්නේ.
මොනවා වුණත් රෙදි ටික වේලගන්න නම් හොදට අව්ව තියෙනවා..
තෙල් ප්‍රශ්නත් එක්ක දැන් තව ප්‍රශ්න වැඩිවෙන එක තමයි වෙන්නේ. අවුරුද්දක් කියලා දෙයක් නෑ.
ලෝකෙටම මෙහෙම තමයි. එහෙත් යුද්දේ... මෙහෙත් අව්ව...
වතුර නැතිවුණොත් ඔක්කොම ඉවරයි.