(නිමල කොඩිතුවක්කු)
බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද(14) සිට පියවර ගෙන තිබේ.
ඒ අනුව බිඳවැටීම් අළුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාල වීමේ අවධානමක් පවතින බවත් එහි සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.
එමෙන්ම මනු සටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, බිල්පත් අයකිරීම,නව ජල සම්බන්ධතා ලබා දීම සහ ජල සම්බන්ධතා විසන්ධි කිරීම සිදු නොවන අතර පොම්පාගාර කටයුතු පමණක් පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළේය.
සියලුම සේවකයනඅද (14) දිනයේ වරුවක් සහ හෙට(15) දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බවත් රත්නායක මහතා පැවසීහෙට දිනයේ රත්මලාන ප්‍රධාන කාර්‍යාලයට රැස්වෙන ජල සම්පාදන සේවකයින් දහවල් 11.30 ට රත්මලාන ගොලුමඩම හන්දියේදී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බවත් ඔහු තවදුරටත් තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපි හෙට රජයේ නිවාඩු දවසක් කියා හිතන්නම්. හරිනේද? මුන් ඔක්කොම ලක්ෂයට වඩා පඩි ගන්න හැත්තද? ලක්ෂයට වඩා පඩි ගන්නවානම් රුපියල් 5000 බදු ගෙවන්නකෝ.
මුන්ට වැටුප් ගෙවන්නේ මේ ආදායමින් නිසා වැටුප් ගෙවීම දවස් දෙකක් පමා කරන්න.