( රොමේෂ් මධුෂංක)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමකින් බරපතල පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

පුදුකුඩිඉරිප්පු 10 වන පටුමගේ පිහිටි පෞද්ගලික මූල්‍ය අයතනයක ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඉදිකොට තිබූ ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට මෙලෙස අධිබලැති විදුලි රැහනකින් විදුලි සැර වැදී ඇතැයි සැක කරන බව පොලීසිය කියයි.

අදාල දෙවන මහල ආසන්නයෙන්ම අධිබලැති විදුලි රැහැන් ඇද ඇති අතර විදුලි සැර තරුණයින් දෙදෙනාට වැදුනු අකාරය පිළිබඳ මෙතෙක් අනාවරනය වී නෙමැත.

කෙසේ වෙතත් විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා පුදුකුඉරිප්පු රෝහලට ඇතුලුත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකර සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුදුකුඉිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බවට පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.