IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජෝර්දාන අලුත් තානාපති කථානායක හමුවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ශ්‍රී ලංකාවේ නව ජෝර්දාන තානාපති යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි  සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර පවත්නා වසර 60 කට වැඩි දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ කථානායකවරයා  ප්‍රකාශ කළේ අනාගතයේදී ජෝර්දානය සමඟ සියලු ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. 

මෙහිදී අදහස් දැක්වූ ජෝර්දාන තානාපතිවරයා ජෝර්දානයේ දැනට ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ ප්‍රධාන වශයෙන් ඇඟලුම් හා රෙදිපිළි අංශයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කරන අතර ඉදිරි වසරවලදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.

 



අදහස් (0)

ජෝර්දාන අලුත් තානාපති කථානායක හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2121 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site