IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘ජයසාගර ‘‘ නාවික හමුදාවට සමුදෙයි

(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කළ "ජයසාගර" පසුගියදා නාවික හමුදා සේවයෙන් ගමුගත්තේය.

නාවික හමුදා සේවයට සමුදෙන "ජයසාගර’ නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම උත්සවය  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී සිදුකෙරිණි.

කොළඹ නැව් තඨාකංගනයේ දී නිෂ්පාදනය කරන ලද මෙම නෞකාව රියර් අද්මිරාල් ඒ.එච්ඒ ද සිල්වා මහතා එවකට නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ වකාවනුවේදී ශ්‍රී ලංකා නාවික නාවික නෞකා "ජයසාගර" පී ( 601) ලෙස 1983 දෙසැම්බර් 09 වන දින අධිකාරියට පත්කරන ලද බව නාවික හමුදාව පවසයි.

එහි පළමු අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ඒ.අයි ජයවර්ධන කටයුතු කරන ලද අතර එය 1990 දශකයේ අග භාගය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයේ ධජ නෞකාව ලෙසද කටයුතු කරන ලදි.

ජයසාගර’ නෞකාව එල්.ටී.ටි.ඊ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බව නාවික හමුදාව සඳහන් කරයි.



අදහස් (10)

‘‘ජයසාගර ‘‘ නාවික හමුදාවට සමුදෙයි

බිම්බා කොළඹගේ Friday, 01 October 2021 07:47 PM

බංග්ලාදේසයට දීලා දාන්න (මේ දැන් තියෙන මහ ලැජ්ජාවෙන් පොඩ්ඩක් හරි බේරෙන්න...)

:       47       40

කරුණාජීවFriday, 01 October 2021 10:50 PM

ඕක දෙන්නේ ඇවන්ට්ගාඩ් එකට...

:       40       10

ShanSaturday, 02 October 2021 02:00 PM

ඔයා ඉල්ලනවානම් බංගලාදේශයට දෙන්න පුළුවන් .මොකද නැව් කඩලා යකඩ උනුකරන්න පහසුකම් තියෙන්නේ ඉන්දියාවේ හා පාකිස්තානයේ විතරයි .හැම දෙයටම තමන්ගේ රෙද්ද උස්සලා පෙන්නන්න එපා

:       9       39

පීලිගම Friday, 01 October 2021 10:16 PM

යොහානි පිළිගන්න ලක්ෂ ගාණක් ආවා කියලා බොරු ඡායාරූපයක් දාලා තිබුණා. හොඳ නැති වැඩක්නේ..

:       9       50

සාලිය Saturday, 02 October 2021 08:42 AM

මම නාවිකයෙක් ලෙස මුලින්ම පුහුණුව ලැබුවේ ජයසාගර නැවෙන්. ඔබට සුභ ගමන්

:       1       37

සේනානායක Saturday, 02 October 2021 09:28 AM

බොහොම ස්තුතියි ජයසාගර. ඔබ මේ රටේ ආරක්ෂාවට උපරිමයෙන් කලා. දහස් ගණන් නාවිකයන් පුහුණු කලා. ඔබගේ සේවය සදා අමරණීයයි.

:       0       29

Kumara Saturday, 02 October 2021 04:10 PM

මේ රටේ ඉන්න දේශපාලුවන් ටික ඕකට නග්ගලා මුහුදේ ගිල්ලලා දානවා හොඳයි...

:       1       7

sampath Saturday, 02 October 2021 10:07 PM

මේ නැව යකඩ වලට කපන්න එපා.ජෙට් ලයිනර් වෆේ කාර්යන් වලට යොදාගන්න, එහෙමත් නැතිනම් සාගර කෞතුකාගාරයක් හදන්න, කියක් හරි හම්බ කරගන්න පුළුවන්.

:       0       3

සුමිත් Sunday, 03 October 2021 08:59 AM

ඊට පසු නැවට මොනවද කරන්නෙ

:       0       0

ravi Sunday, 03 October 2021 09:03 AM

ඕක කෞතුක වස්තුවක් වගේ තියාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17686 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site