(රංජන් කස්තුරි)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීරඝ නොකරන බව ද වාජින බැංකු කියයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වානිජ බැංකු වසර ගණනාවක සිටම කටයුතු කළේය.
මේ පිළිබඳව කළ විමසුමකදී වානිජ බැංකුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට මේ වන විට සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබ ගත හැයි.
එම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් අහිමි කිරීමෙන් තැන්පත් කරුවන්ට පාඩුවක් නොවන බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 15ක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද? ලක්ෂ 5 කටවත් සියයට 15 දෙනවා නම් බෙහෙත් ටික ගන්නවත් යාන්තම් ඇතිවේවි. මෙම උපදෙස් දෙන අයට වැහි නැති හෙණ නොගහනවා නම් තමයි පුදුමේ.
ඕකෙන් වෙන්නේ වැඩි පොලියක් හොයන්න ගිහින් ජාවාරම් කාරයින්ට රැවටෙන එක...
ජ්‍යෙෂ්ඨ නිලධාරියා කාවද මේ ගොනාට අන්දන්නේ? ලක්ෂ 15 අඩු පොලියට බැංකුවේ තිබෙනවා නම් රජයටනේ වාසි. අපිට වාසි අරන් දෙන්නද මේ අය ලැහැස්ති වෙන්නේ? මේ හරකා හැරෙන්නේ අපේ තැන්පත් පොලිය කන්නයි. දෙන්නම් උඹලාට කන්න බලන් ඉන්න. අපිටත් තිබෙනවා ක්‍රම සහ විදි. සත 5 රටට එවන්න ඉඩ තියන්නේ නැහැ...
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඔය කියන තැන්පතු ක්‍රමය අවලංගු කරන්නේ නැහැ කියලා ආරංචියක් ලැබුණා.. ඒක ඇත්තද?
දේශපාලුවන්ට පෝස්ටර් ගහපු අතපය හතර හොඳට වැඩ කරන තරුණයන්ට කිසිම රාජකාරියක් නැති රජයේ පින් පඩි රැකියා දීල මහජන මුදලින් නඩත්තු කරනව. මහලු අයට මෙහෙම සලකනව.
ජ්‍යේෂඨ පුරවැසියන් වෙනුවෙන් ඇරඹූ ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් අත්හිටුවීම මේ සමාජයේ ජීවත් වෙන තරුණ කාලයේ රටට දැයට තමන්ගේ අනාගත සුරක්ෂිත භාවය නොතකා පුද්ගලික අංශයේ දීර්ග කාලයක් දහඩිය හෙලූ දැනට වියපත්, අසරණව සිටින මොහොතේ මේ මහලු පුරවැසියන්ට කරන මහ පොලොව නොහුලන අසාධාරණයකි. මෙතෙක් කල් ඔවුන් තමන්ගේ මාස්පතා මිලට ගන්නාවූ බෙහෙත් ටික ගත්තේ මේ ගිණුමට පින්සිදු වන්නටය.මෙය වහාම ක්‍රියාත්මක නොකරන මෙන් ඉල්ලමි.
ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොඩිදෙයක් හැංගුවා. දැනට 23% වාර්ෂික පොලියක් ගෙව්වත් මේ පොලී අනුපාත යම් කාලකදී 15% ටත් අඩුවෙන්න පුළුවන්. එය සිදුවන්නේ රටේ උද්ධමන අනුපාතිකය අනුවයි. මේ කාලයේ උද්ධමනය ඉතා ඉහල අනුපාතිකයක් වන නිසා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට අනුකූලව තැන්පතු සදහා ඉහල පොලියක් ලැබෙනවා. උද්ධමන අනුපාතය යම් දිනකදි තනි ඉලක්කමට වැටුනොත් පොලී අනුපාතයත් තනි ඉලක්කමේ පවතිනවා.
හොඳ වැඩක් ඕක
ලක්ෂ 20 ට වැඩි නම් විතරයි ලොකු පොලියක්... 20 ට අඩු ඒවට 16% යි...