( ඉන්දිකා රාමනායක)
කොළඹ ජම්පටා වීදියේ සිදු කළ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම මුලකරගෙන සිදු වූවක් බවට තොරතුරු ලැබුණු බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ජම්පටාවීදියේ පදිංචි බැල්කම් කාවින්ද (37) නැමැති අය බවට හඳුනාගෙන ඇත.
මොහු අද (1) පෙරවරුවේ ජම්පටාවීදිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී සෙල්විගෙ වත්ත ප‍්‍රදේශයේ සිට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ ජම්පටා වීදිය පැත්තෙන් ඔහොම දේයක් ඇසුනේ. අලුත් චන්ඩි ඇවිත් වගෙයි. පරණ අයගේ නමවත් මතක නැහැ.