(පැතුම් දර්ශන)
සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී අද (24) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හොරොව්පොතාන කිවුලේකඩ පදිංචිකරුවෙකු සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පස් දෙනෙකි.
පොලීසිය පවසන්නේ මොවුන් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පිහිටි විවිධ ස්ථානවල අන්තවාදී දේශන සිදු සිදුකර ඇති බව ය. ඊට අමතරව ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ දැනට විදේශ ගතව සිටින ප්‍රධාන සැකකරුවකු සමඟ ද මෙම සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති අතර ඔහුගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඇති බවටත් පොලිසිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (25) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස හසුවුණු සියලු දෙනාගේ පුරවැසි භාවය නැතිකොට රටින් පිටුවහල් කළ යුතුයි. රට පැනපු අය නැවත නොගත යුතුයි.
ශ්රී ලංකා තවුහිත් ජමාත්, එහෙම නැත්නම් සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ගැන බල්ලෝ ඉව අල්ලන්නේ නැත්තේ ඇයි මහත්තයෝ? ඒ සංවිධානය බල්ලන්ට අැලජික්ද? එහෙම නැත්නම්, මහත්තුරුන්ට හිතවද්ද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ? විෂබීජ වපුරපු එකාව ආරක්ෂා කරන ගමන් ලෙඩ වූ ටික විතරක් මරලා දාන එකද හරි? රටට, ජාතියට, ආගමට ඇත්තටම ආදරය බුද්ධිමත් අය නම් කරන්නේ අතුකපන එක නෙවෙයි, මුල ගලවන එක... කොහෙද ඉතින් ඉව අල්ලන බල්ලට තියන මොලේ, අපේ රටේ තක්කඩි මහත්තුරුන්ට නැහැනේ...
බද්රානි, ඕක කරන්න සමනල රංචුවකට පුළුවන්ද? ඒකට නියම පිරිමිකම තියෙන හෙලයකුට රට බාරදෙන්න ඕනෑ. තව ටිකදවසක් ඉවසලා ඉන්නකෝ.... හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු..
තාම 150 ඉවර නැද්ද අනේ? තව 4ක් 5ක් නේද ඉන්නවා කිව්වේ... රෝසිද ගණන් කලේ?
කෝ තාම 100% ට ළංවුනේ නැද්ද?