
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ජපානයේ අඛණ්ඩ සහයෝගය දීමට මෙහිදී අවධානය යොමු කෙරිණ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සහ ගෝලීය සහ කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය මෙහිදී පළ කළාය.
අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට සහය වීමට ජපානයේ සුදානම් බව උප අමාත්‍යවරිය අවධාරණය කළාය.
අධ්‍යාපනයේ වැදගත්කම හා පාසල් මට්ටමින් වෘත්තීය පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී ප්‍රධාන අවධානයක් යොමු වූ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ද සාකච්ඡාවේ කේන්ද්‍රීය කරුණක් විය.
විනිවිදභාවයෙන් යුත් පාලනය, වගවීම සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සඳහා මහජන සහයෝගය ලබාගැනීමේ වැදගත්කම අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය
ජපාන තානාපති අකියෝ ඉසොමාටා ප්‍රධාන ජපන් රජයේ නියෝජිතයින්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
Gavin Wednesday, 05 February 2025 05:10 PM
අර රංවලගේ උපාධි සහතිකය හොයාගන්න උදව්වක් ගන්න බැරිද?