
(අංජුල මහික වීරරත්න)
ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටින බවද ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවද කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ඉන්දියාවට බදු විකුණන්න හදන්න ප්ලෑන් කරපු නිදහස් වෙළෙඳ කලාපයනේ. ඉන්දියාවට මොනවා දෙන්න වෙයිද දන්නේ නැහැ ඉස්සරහට...?
දාඩිය දාන්නේම නැති හැඩයි... අරයාගේ මුහුණ දිලිසෙනවා.