(යොහාන් භාසුර)
ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
කොළඹ වරායට සේන්දු වූ මයින්ස්වීපර් වර්ගයට ‘යුර්ගා’ නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130 ක ගෙන් සමන්විත වන අතර මයින්ස්වීපර් වර්ගයට අයත් ‘හරාඩෝ’ නෞකාව දිගින් මීටර 67 ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත වේ.
මෙම යුද නෞකා ද්විත්වය පසුගිය පෙබරවාරි 28 වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා පෙළ ඡායාරූපකරණය ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය.
මෙම නෞකා දෙක හෙට (3) කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට