IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජීප් රියක් නානුඔයට පෙරැළෙයි

(රංජිත් රාජපක්ෂ)                    

ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරැළිමෙන් එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (27) ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

උදෑසන 6.00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේ දි මෙම අනතුර සිදුව ඇත.

ධාවනය වෙමින් තිබූ ජීප් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති ජීප් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් සැතපුම් කණු කිහිපයක් කඩාගෙන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ නානුඔය ඔයට පෙරැළි ඇතැයි පොලීසිය කියයි.



අදහස් (5)

ජීප් රියක් නානුඔයට පෙරැළෙයි

වින්සන්ට් කජ්ජා Thursday, 27 March 2025 10:15 AM

ජාතික ආරක්ෂාව අනතුරේ.

:       1       12

ගුණරත්න Thursday, 27 March 2025 10:45 AM

හරි විදියට ඔය ජීප් එකක් නෙවෙයි, බඩු අදින කැබ් එකක්. අපිට ඉතින් ඒවත් ජීප් තමයි. ත්‍රීවීල් එක තමයි අපේ ලිමොසින් එක. කාර් එක, වෑන් එක, බස් එක ඔක්කොම.

:       6       4

කෞෂිThursday, 27 March 2025 11:57 AM

ඩිනේෂ් Max පෙරේරා කියනවනම් පිලිගන්නං ඉතිං

:       1       3

රනේ Thursday, 27 March 2025 10:52 AM

ඩ්‍රයිවර්ගේ නිෂ්පාදන දෝෂයක්!..

:       0       0

Kamal Koyrala Thursday, 27 March 2025 11:26 AM

මාර්ගයේ සැතපුම් කණුවල ප්‍රමිතිය සලකා බලන්න වෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site