








(ඡායාරූප - ඉෂාන් සංජීව)
(අංජුල මහීක වීරරත්න)
"යුක්තියේ ජනහඬ" මහජන උද්ඝෝෂණය දස දහස් සංඛ්‍යාත විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කොල්ලූපිටියේ දී අද (30) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
‘ජනවරමට ගරු කරනු, පාර්ලිමේන්තුව වහා කැඳවනු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු’ යන තේමාව මුල් කරගෙන පැවති මෙම මහජන උද්ඝෝෂණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලූම නායකයෝ ද වාමාංශික පක්ෂවල නායකයෝද සහභාගී වූහ.
උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලූම පළාත්වලින් පැමිණි ජනතාව අද (30) පෙරවරුවේ සිට කොළඹ අරලියගහ මන්දිරයට ඒකරාශි වූ අතර පස්වරු 1.00 පමණ කොල්ලූපිටියේ ලිබර්ටි වටරවුම අසලට එක් රොක් වූහ.
යුක්තියේ ජනහඬ උද්ඝෝෂණයට පැමිණි අති විශාල ජනකාය හේතුවෙන් අරලියගහ මන්දිරය, ලිබර්ටි වටරවුම ඇතුළු සියලූම මාර්ග එකම හිස් ගොඩක් ලෙස දර්ශනය විය. ඉතා උද්යෝගයෙන් යුතුව ජනතාව උද්ඝෝෂණයට සහභාගි වී සිටින අයුරු දැකගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන් කෑගහන්න ඕනෑ.. රනිල් යවලා සජිත්ට පක්ෂනායකකම දෙන්න කියලා..
ශ්‍රී ලංකාවේ මහ ජනතාවට තුනුරුවන්ගේ සරණයි..!!!
මෙතැනින් වැඩිම ගාණක් මැරෙන තරමට තමයි රනිල්ගේ ප්ලෑන් එක සාර්ථක වෙන්නේ..
සෙනඟ මදි නේද?
දැන් ඉන්නේ නියම මෛත්‍රීපාල සිරිසේන නෙමේ..... එයා 28 වෙනිදා අතුරුදහන් දැන් ඉන්නේ 2015 දී මහින්ද රැස්වීම් වලට අරන් ගිය රූකඩ මෛත්‍රීපාල
රට විකුණන් කාපු හොරු රැල පැන්නුවාට ඔබට ගොඩක් පින්.. ගරු ජනාධිපතිතුමනි..!!
මොකද මේ රැළිය ගැන වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්නේ නැත්තේ..? ඒකාබද්ධයේ රැළියට තරම් සෙනග හිටියේ නැති නිසා නේද..?
"රට කන්න තවත් ඉඩ දෙන්න........."
ඔය වේදිකාවේ ඉන්න මිනිස්සුන්ගේ සුඛ විහරණය තකා තමුන්ගේ ජීවිත තවත් කාලකන්නි කමට පත් කරගන්නේ නැතුව ගෙදර ගිහින් අඹු දරුවෝ එක්ක ඉන්න. දැන් බලයට ආපු අය සහ ඔය වේදිකාවේ ඉන්න අය සහ එකී මෙකී නොකී හැම දේශපාලකයාවම සාමාන්‍ය ජනතාවගේ කරපිටින් ගිහින් ඒ අයගේ දූ දරුවන්ගේ මඩිය තර කරවනවා. තමුන් දේශපාලකයෝ පස්සේ ගිහින් තමුන්ගේ අඹු දරුවන්ගේ ජීවිත කාලකන්නි කරගන්නවා.
දැන් පාර්ලිමේන්තුව කල් දල තියෙන්නේ දවස් 11 නේ. එතකොට මෙයාල ජන්දේ කොච්චරකල් දැම්මද? මේවා වලින් වෙන්නේ රට තවත් පස්සට යනඑක.. දේශපාලකයන්ගේ රස්සාවල් රැකගන්න සහ තවත් කොල්ල කන්න අහිංසක ජනතාව තවත් දුක් වෙනවා. කොයි අයත් එකයි. කවුරු අාවත් රට අගාදෙට යනවා විතරයි.
ඔයගොල්ලන්ට හොරකම් කරන්න ජනවරමක් දීලා නැහැ.. මහබැංකු හොරු...
සජිත් ප්‍රේමදාස , බුද්දික පතිරණ වැනි නායකයන්ට නිසිතැන දුන්න නම් මෙහෙම එජාපෙට මහමග රස්තියාදු වෙන්න සිදුවන්නේ නැත, තවමත් ප්‍රමාද නැත .
රටට ජාතියට ආදරේ ඇති, සියළුදෙනාම ඇරෙන්න ඉතිරි අය ඔක්කොම මෙතන ඉන්නවා.
රට විකිණීමට සහාය දෙනු .........