
(රෝෂන් තුෂාර)
සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්යක්ෂ ධූරය හෙබ වූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට, රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය.
සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයාව සිටිමින් අදාල සිද්ධියට ආධාර අනුබලදීම,ලොරි රථයේ රියදුරට රැකියා පත්වීමක් ලබාදෙන ලෙසට සතොස සභාපතිවරයාට ලිපි නිකුත් කිරීම කළ ජෝන්ස්ටන් ප්‍රනාන්දු,සුවඳ විලවුන් නිෂ්පාදනය කරන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එතනෝල් ආනයනය කර මත්පැන් නිෂ්පාදනය කළේ යැයි කියන සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ජෙරම් කෙනක් ප්‍රනාන්දු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති රියදුරු සැකකරුට රැකියා පත්වීමක් ලබා දෙන ලෙසට ලිපි නිකුත් කර ඇති බවය.
අදාළ ලොරි රථය අමාත්‍යංශයේ රාජකාරි සඳහා යොදවන බවට සටහන් තබමින් ප්‍රශ්නගත පෞද්ගලික ආයතනයට ලබා දී , රියදුරට රජයෙන් වැටුප් ගෙවා රජයේ මුදල් අවභාවිතා කිරීම,රජයේ දේපළ සපරාදී සාවද්‍ය පරිහරණය හා කූඨලේඛන සැකසීම ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ජොනස්ට න් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු නම් කර ඇති අතර ලොරි රථයේ රියදුරු සමන් විතාන සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම් කර ඇති පුද්ගලික සමාගමේ අධ්යක්ෂ ඇන්ටන් රොනල්ඩ් සෙබස්තියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇති අතර පසුගිය 31 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජෝන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුගේ පුත්‍ර ජොහාන් ප්‍රනාන්දු,සතොස හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් සකීර් , සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල සැකකරුවන් ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සමුපකාර තොග වෙළද සංස්ථාවට අයත් වාහන සහ රියදුරන් පුද්ගලික කටයුතු(එතනෝල් ප්‍රවාහනයට) සඳහා යොදා ගැනීමෙන් රාජ්‍ය දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, සුවඳ විලවුන් හා පිරිසිදු කාරක නිෂ්පාදනයට යැයි අඟවමින් රාජ්‍ය නිලධාරීන් රවටා එතනෝල් ආනයනය කිරීමට බලපත්‍ර ලබා ගැනීම හා එසේ සත්‍ය වසංකර ආනයනය කළ එතනෝල් මගින් මත්පැන් නිෂ්පාදනය කර රජයට අයවිය යුතු බදු මුදල් අහිමි කිරීම යන චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.
වත්තල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එතනෝල් ආනයනය කරන බවට 2015.නොවැම්බර් .12 දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු නිර්ණාමික පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පිරිසිදුකාරක හා සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් ආනයනය කරන බවට සඳහන් කර තිබුණද අදාළ සමාගම විසින් එවැනි නිෂ්පාදනයක් කර නොතිබූ බව පොලිසියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පුද්ගලික සමාගමට අයත් එතනෝල් ලීටර් 20000ක් ප්‍රවාහනය සඳහා 2012.ජුනි මස .08 දින සතොස සමාගමේ ලොරි රථයක් හා එස් විතාන යන රියදුරෙකු යොදවා ගෙන ඇති අතර ලොරි රථය සඳහා ඉන්ධන සතොස ආයතනයෙන් ලබා දී ඇති බවද කරුණු අනාවරණය වන බව සඳහන් කළේය.
ලොරි රථය වෙනුවෙන් අදාළ පුද්ගලික සමාගම මුදල් ගෙවීමක් සිදු නොකර ඇති අතර අදාළ කාලය තුළ ලොරි රථය මගින් සතොස සමාගම වෙනුවෙන් කිලිනොච්චියේ සිට කොළඹට බඩු ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවද කරුණු අනාවරණය වන බව පොලිසිය සඳහන් කර ඇත.
පොදු දේපල පනත යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජේෂ්ඨ නීතිඥ ලක්මාල් රත්නායක මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයින් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවය.
රැකියාව පත්වීමක් ලබා දෙන ලෙසට දැන්වීම් කළ පමණින් සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සාක්ෂි ඉදිරිපත් නොවන බවත්,සමාගමක අධ්‍යක්ෂක ධූරය දැරීම සිද්ධියට ආධාර අනුබල දීමක් නොවන බවත් පෙන්වා දුන්නේය.
එම නිසා තම සේවා දායකයින් ඇප මත නිදහස් කිරීම හෝ සාක්ෂි නොමැති බැවින් නඩුවෙන් මුදා හැරීම සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු වූ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පොදු දේපළ පනත යටතේ සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් හාතවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය .
විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය .
COMMENTS
මේ ක්‍රියාදාමය තවමත් වේගවත් මදි….. ඇතුලට යන්න ඕනේ බොහෝ් අය තවම නිදැල්ලේ ඉන්නවා…
මෙයාල ඒ දවස් වල ඩෙගා නැටුවෙ කවදාවත් බලය අහිමි වෙයි කියල හීනෙකින්වත් හිතල නෙමෙයි.
ගො නාමල්ගෙ විග්රහයට අනුව අලාභය ලක්ෂ දෙකහමාරකි. අනේ යකෝ, මුන් පණපිටින් මහපාරෙ එල්ලන්න ඕන
ඒ දවස්වල අරක්කුවල හොර ස්ටිකර් ගැහුවෙ මේ ගණන් වලට පිටින් හදන අරක්කු වල අලවන්න. ප්‍රහාහනය සතොසෙ වාහන. ඔන්න අපි දුප්පත් වෙන්න හේතු. තවත් මුන්ටම කඹුරපල්ල