(ඩයනා උදයංගනී)
ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව යටතේ ඇමතිකම් ගැනීමේ හෝ රාජ්‍ය බලයට සම්බන්ධවීමේ සූදානමක් නැතැයි ද කීවේය.
ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බව කී රණවක මහතා මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ මහනුවර දී ඊයේ (18) පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
විවිධ කණ්ඩායම් සන්ධානගත වීම හොඳ දෙයක් වන නමුත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය විකල්පයක් බව කී මන්ත්‍රීවරයා අරගලයෙන් සහ රට අද මුහුණ පා ඇති බංකොලොත්භාවයෙන් පෙන්වා ඇත්තේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කිරීමට තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව යැයි ද සඳහන් කළේය.
පොලිස් රාජ්‍යය හා මර්දනය නවත්වා ඕනම අයකුට ඉදිරිපත් විය හැකි පරිදි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද පාඨලී චම්පික මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය තාමත් පැහැදිලි නොමැති බැවින් එය ලැබුණත් නැතත් රට ඉදිරියට ගෙනයෑමේ වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව ද හෙතෙම කීවේය.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ
SUNIL MILANO Monday, 19 December 2022 02:10 PM
මෙයාට ඇමතිකමක් තියා ආණ්ඩුවටවත් ගන්න එපා . රටේ විනාසයට මෙයාලත් වගකියන්න ඹනෙ. දැන් බබාල වෙන්න හදනව.
මැක්ස් Monday, 19 December 2022 02:22 PM
හැබැයි ගෝලයා යවනවා ජනධිපති ලගට "ජනාධිපති මාධ්‍ය ලේකම් කෙනෙක් විදිහට. අනේ මෙහෙමත් බොරුකාරයෙක්.
"ට්‍රැෆික් ලයිට්ස්" Monday, 19 December 2022 02:33 PM
ජනවරමක් නැති ආණ්ඩුවක ඇමැතිකම් ගන්නේ නෑ.... තරුණයකු ඔත්පල කළ මෙයාව ට්‍රැෆික් ලයිට්ස් ගණන් ගන්නෙත් නෑ..!
Kkule Monday, 19 December 2022 03:10 PM
කරපුවත් හරියට කළාද?
Hafeel Monday, 19 December 2022 04:25 PM
මෙයා කියන විදියට රටට දැන් ඕනේ විකල්පය නොවේ, රටට ඕනේ විසඳුම්. එකට දැනට ඉන්න හොරු රංචු එකතු කරගත්තු සන්ධානයක් පිහිටුවන්න එක නොවේ විසඳුම.
Senarath Monday, 19 December 2022 04:28 PM
මොකද මිදි තිත්තද?