(නිමල කොඩිතුවක්කු)
තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුටු මාරුකරමින් තවදුරටත් රටට සිදු කරන විහිළු සැපයීම නතර කර තම නොහැකියාව පිළිගෙන රට කළ හැකි කණ්ඩායමකට රට බාර දීමේ වගකීම ජනතාවට පවරන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන යටතේ රුපියල් තිස් පන් ලක්ෂයක් වටිනා රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ණය සහ පොලිය ගෙවීමට නොහැකිව මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විශේෂඥ දැනුම සහිත ප්රශස්ත කණ්ඩායමක් සමගි ජන බලවේගයට සිටින බවත් රටට ශක්තිමත් මූල්‍ය පාලනයක් ලබාදෙමින් වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර දියවන්නාව පට්ටියේ බලු පොරය සදහා ලබා දෙන නිර්මාණාත්ම සටන් පාඨයට දිව්‍යලෝකේ තිබෙන නිවාස අධිකාරියෙන් ඉතා වටිනා නිවසක් මා විසින් මාගේ සදාදරණිය දුගී දුප්පත් ජනතාවට පිරිනමමි....තරගය සදහා මේ අපේ සටන් පාඨයයි ....හුරේ..කමෝන් ....අපේ ගොනා අපිට හොද......අපි ගොනාට...ගොනා පිට.....
මේක නම් වහාම කල යුතු දෙයක් .පක්ෂ පාට බලන්නේ නැතුව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි
ජනමත විචාරණයක් සහ මැතිවරණයක් අනිවාර්යයි..
නුඹලා කවුරුවත් මේ රටට අවශ්‍ය නැත. මන්ද එකෙකුටවත් රට පාලනය කිරීමට සුදුසුකම් නැත. නැවත මේ රට එංගලන්තයට බාර දියව්..!
ඇත්තටම මේ මනුස්සයා මොලේ අමාරුවෙන් පෙලෙනවාද? මිනිස්සුන්ට පාන් කියාගන්නවත් බැරිව ඉන්න වෙලාවේ බහුභූත කියවන්නේ...
විපක්ෂ නායක වුණාම මොනවම හරි දෙයක් ජනතාවට කියන්න එපැයි නේද?
සැන්ඩි නැතිව අසාමාන්‍ය බ්‍රෑන්ඩ් ගැහුවාම ඔහොම වෙනවා..
මේ වගේ දේශපාලන නපුංසක විපක්ෂයක්... විපක්ෂ නායකයෙක් ලංකාවේ මෙතෙක් පහළ වෙලා නැහැ. මේ හාදයා හොඳටම දන්නවානේ මේ වෙලාවේ මේ වගේ දේශපාලන උඩුබුරා දැමීම් කළාට ආණ්ඩුව අස් වෙන්නෙත් නැහැ. ජනමත විචාරණයක් තියන්නෙත් නැහැ කියලා. අනික මුන්නැහේ හිතනවා නම් මේ වගේ ගොන් කතා කියලා ගැලරියට මෝඩ චූන් දෙන්න පුළුවන් කියලා එ්කත් වැරදීමක්. දැන් ඉන්න ගැලරිය මෙයාට වැඩිය දේශපාලනිකව දැනුවත්... ඒ හින්දා දැන් කරන්න තියෙන්නේ මෝඩ කතා නොකියා මේ ආණ්ඩුව කරන වැරදි හදවාගන්න උත්සාහ කරන එකයි. නැත්නම් ආණ්ඩුව ගෙදර යවන්න සක්‍රීය වැඩපිළිවෙලක් හදන එකයි. හැබැයි මම හූනා කිව්වා වගේ කියන්නම් මහත්තයෝ.. ඔහෙට නම් මේ කපේදී ඒවගේ එකක් කරන්න බැහැ...
මට නම් විශ්වාසයක් නැත...
ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? රටට ඔයාකාර ආදරයක් තියෙනවා නම් තමන්ගේ වටිනා අදහස් රජයට කියන්න. මේ වෙලාවේ මිනිස්සුන්ට ඡන්දෙ තියා එදාවේල නැතිව මානසිකව වැටිලයි ඉන්නේ...
රටේ ඡනනරමක් නැති මහඡනතාව ප්‍රතික්ෂේප කල මේ රටෙ තරැණ තරැණියන්ට ටයර් සෑය හදුන්වාදුන් , බෟද්ධ සංසකෘතික විනාශ මුඛයට ඇද දමු යහපාලනයේ හිටපු ඇමති කෙනෙක් කියන දේ අහන්න රටේ ඡාතිය මෝඩයෝ නොවේ.
මුට පිස්සු .පිස්සන් කොටුවට දාන්න ඕනේ
අතේ සතේ නැතුව ඉන්න රටක තව ජනමත විචාරණ.
ඒත් ඉතින් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. පවතින විපක්ෂයට පන නැත්තං, විශේෂයෙන් ඒකට නායකත්වය දෙන්නෙ ඔයානං ඒකෙනුත් වැඩක් නෑ. මතකනෙ ගියපාර, වගකීමක් ගන්න එකෙක්වත් නෑ. ඔක්කෝමලා අත පිහදාගත්තා ලස්සනට, අන්තිමට වැරදි වුනේ මිනිස්සු.
බුද්ධිමතුුන් මොහුව අවබෝධ කරගත්වා !
ආණ්ඩුවටත් පිස්සු. විපක්ෂයටත් පිස්සු. දෙගොල්ලොන්ටම රට ගොඩ ගන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ආණ්ඩුව හිතනවා උමතුවෙන් වගේ ණය ගැනීමෙන් සහ මුදල් අච්චු ගැහීමෙන් මේ ආර්ථික බංකොලොත්භාවයෙන් ගොඩ යන්න පුළුවන් කියලා. ඒවා කිරීමෙන් වෙන්නේ ආර්ථිකය තව තවත් බංකොලොත්භාවයේ එරෙන එක. මේක ගොඩ ගන්න දැන් ඔය ඉන්න එකෙක්ටවත් බෑ. හොඳම දේ චීන රජයට සම්පූර්ණයෙන්ම මේක භාර දීලා, ඔය ඉන්න වංචනික, තක්කඩි රැල චුත වෙලා යන එක.
බලන්න යන්නේ මිනිස්සු ආණ්ඩුවට අකමැතියි කියලද ?නැතිනම් මිනිස්සු ඔබතුමාලගේ පක්ෂෙට කැමතියි කියලද ?හොඳයි .මිනිස්සු දෙගොල්ලොන්ටම කැමති නැතිනම් මොකද කරන්නේ ?
විහිලු කරන්න එපා හලෝ .
මේ මොහොතේ බලකෑදරකම පොඩ්ඩක් කල්දමන්න. මුලු ලෝකෙම ආර්ථික අර්බුදයකනේ.. යුරෝපයම අමාරු පතුලකට වැටිලා ඉන්නේ.. අපේ රට වගේ ඒ රටවල එකිනෙකාට උදව් කරන්නේ නැහැනේ.. ලංකාවේ අපි අල්ලපු ගෙදර බඩගින්නේ නම් තනියම කන්නේ නෑ.. යහපාලනේ කාලෙත් කෝවිඩ් නොතිබිලත් මේ වගේ නෑ...
මොංගල් වගේද දන්නේ නැහැ...
රට හදන්න පුළුවන් සැට් එකක්ම උන්නැහෙට ඉන්නවලු බොලව්....... එගොල්ලා 2019 වෙද්දි ස්විට්සර්ලන්තෙ ගානට නග්ගලා අරං තිබුණා මතකද?
මේ කිසිම කෙනෙක් රට පාලනයට සුදූසු නැ
තිබ්බොත් දිනන්න පුළුවන්ද?
ඔල්මාදෙ හැදිලා මොරදෙනවා.
කට ඇරියොත් කියන්නේ අපත කතාවක් තමයි.. අනේද කියන්නේ පුතාණෝ...?
උඩ ප්‍රතිචාර දක්වන බයියන් ඉන්නකම් රට හදන්න බෑ... බිම වැටිලත් මුහුණේ දැලි ගෑවිලානේ මේ අයගේ...
ඒ්ක හොදයි
ඉස්කෝලේ ගිහින් නැති වුණාම ඔය වගේ දේවල් කියන්න හිතෙනවා.
ජනමත විචාරණයක් මොන ඉටිගෙඩියකටද? 2/3 වැඩි ඡන්ද බලයක් තිබිලා 20 සංශෝධනයත් සම්මත වෙලා තියෙද්දී. කිසි කතාවක් නැතිව ජේ.ආර්. ආදර්ශයට ගන්න.
ඊළඟ ඡන්දෙදී වත් වැඩි ආසන ගණනක් දිනා ගන්න පුළුවන්... ඉක්මණින් හොඳ නායකයෙක් පත් කරන්න. මෙයා හිටියොත් තියෙන ටිකත් නැති වෙනවා...
ලංකාවේ මිනිසු ගැන කණගාටුයි
ඔබතුමා කියන දේවල් ඇසීමත් විශාල සතුටක්..., විනෝදයක් ලබනවා.. පින තමයි.
හැමදාම මැරි මැරී ඉපදෙනවට වැඩිය හොඳයි නේද එකදවසේ මැරිලම යන එක?
මුට පිස්සු
මෙයාගේ ප්‍රකෘති ගතිය පේනවනේ... මෙයාට දුන්නොත් විහිළු කතා අහඅහ ඉන්න හැකියි.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම එක්සත්ව අපි නැගී සිටිමු.
කොහොමත් මෝඩකමට හිතුවේ ජනතාව රවටලා රජ වෙන්න. දැන් තිබුන ටිකත් නැහැ. රටක නායකත්වය කියන්නේ විහිළුවක් නෙමේ. ජනතාව බලාගෙන ඉන්නේ වැදගත් සමාජයක් හදන්න. දැන් හොදටෝම ඇති.
මේ මනුස්සයට පිස්සු ඩබල් වෙලා
රට සුද්දට දෙන්න. වහල්භාවයේ හෝ පරගැතිභාවය ඇත්තේ තමන් සිතන විදිහ මිසක් අන්යන් හිතන විදිහේ නෙමි
මිනිස්සු බය කරලා මෝඩයන්ගේ පැත්තට ගන්න හදනවා