(අංජුල මහික වීරරත්න)
ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රදේශයට එවන බවද සඳහන් කළේය.
ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මේ අතර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර සැලසුම් කර ඇති සියලු මාර්ගවල ඉදිකිරීම් මේ වසරේදීම ආරම්භ කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු, වනජීවි කලාපයන්ට අයත් වගා බිම් සම්බන්ධ මතුව ඇති ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මයිලත්තමඩු- මාදවනෙයි තෘණ භූමියට අදාළ කිරි ගොවීන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීම පිළිබඳවද අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd