(මනෝප්‍රිය ගුණසේකර)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නිසියාකාරව සම්මත වී නොමැති අවස්ථාවක එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මුලික අයිතිවාසිකම්ද උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙලෙස සළකා බැලේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුවරු කටයුතු කෙරේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉදිරිපත් කර ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.