
(අජන්ත කුමාර අගලකඩ)
ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් , ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.
සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්,ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන්නැයි කැබිනට් ඇමතිවරුන් ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.
ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ඔච්චර ඉක්මනට ජනාධිපතිවරණයක් ආපහු තියන්නේ හදන්නේ මේ කරගෙන යන බොරුව වැඩිකල් නොයා පුපුරන බව දන්නා හින්දාද? සාමාන්‍යයෙන් මේ ගොල්ලෝ නියමිත කාලෙට කලින් ජනපතිවරණ තියන්නේ තව කල් යනකොට කරගන්න බැරි බව දන්නා හින්දා, 2012 දී මහින්ද කරෙත් ඒකයි...!
මේ සතියේ චූන් වෙන්න කතාවක්ද මේ?
අර මී හරක් ගාලේ 225ම නැවත පත්කරමු නේද?
නිවට, බියගුලු රනිල් රාජපක්ෂ නියමිත දිනට දවසකට කලින්වත් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැහැ. මොකද දන්නවා එහෙම පැවැතුවහොත් කුජීත වෙන්න පරාජය වෙන බව, ඒ නිසා අන්තිම මොහොත වනතුරු බලයේ ඉන්න ගේම් ගහන කෙනා කොහේද කලින් ඡන්ද තියන්නේ...?
මෙයාට ඕනෑවෙලා තියෙන්නේ කොහොම හරි මේ පුටුවේ දිගටම මැරෙනකම්ම ඉන්න. හිටියත් කමක් නැහැ, රටට හරියට සෙතක් වෙනවා නම්. මම මේ මනුස්සයා ගැන දන්නේ මම 1978 ඉඳන්. මම දන්නා තරමට නම් මේ රටේ ඉකොනොමියට හරි සෙතක් නම් මෙයාගෙන් වුණා කියලා මට පෙනුනේ නැහැ. මොකද රට දියුණු කරන යම් වැඩ පිළිවෙලක් මුල සිට අවසානය දක්වා හරි තක්සේරුවකින් කරන්න මෙයාට දැක්මක් නැහැ. කාලෙන් කාලෙට ස්ලෝගන් කීයක් ඉදිරිපත් කළාද? ඒ එකක් වත් හරි ගියාද? යහපාලන කාලේ කලෙත් ඩොලර් බිලියන 4ක් පමණ ණය අරගෙන කලේ ඔය ගම්පෙරලිය වගේ අයාලේ යන වැඩ. 2048 දී රට දියුණු වෙනවා කියන්නේ නම් ඉතින් කවදාවත් නොකෙරෙන මගුලක්. මොකද එතකොට අපිත් නැහැ එයත් නැහැ. ඊළඟට මෙයාට ඡන්ද ගන්න බලාගෙන උතුරු, නැගෙනහිරත් ජාතිවාදීන්ට ඉඩම් සහ පොලිස් බලතල දුන්නම මෙයා ඉන්නකම් ජෝලියේ රජ කරයි. අනාගතයේදී නැති ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා අනාගත දරු පරපුරට මහා විශාල ගිනි ජාලයකට මුහුණ දෙන්න වෙන්නේ...
ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා කීවද යලිත් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා පිරිස ඡන්දයකට ඉදිරිපත් වුවහොත් රටේ පුරවැසියන් ඡන්දය නැවත ඔවුන්ට ලබා නොදෙන බව කියා සිටියි...
මේ සුමානේ රන් කරගන්න දාපු ප්ලෑන් එකක්...
අනේ ඔව්, ගමට එනකන් තමයි හැමෝම බලාගෙන ඉන්නේ...!
ආයෙත් පරදින්නද සූදානම? සුබ පැතුම්!
කුමන විදිහකට ඡන්ද තිබ්බත්, එජාප, පොහොට්ටු, ශිලනිප, දෙමල සංධාන, මුස්ලිම් කොන්ග්‍රස්, සජබ එකතු වුණත්, 50% රනිල්ට ගන්න බෑ. ඒ වගේම එකතුවෙලා ඡන්දෙට ගියොත් යන්තම් හරි නමක් තියාගත්ත සජබෙටත් ගමට ලැජ්ජාවක් නැතිව බහින්න බැරිවෙයි...
එහෙම දෙයක් නෙවෙයි මේක... මේ සතිය ගොඩදාගන්න දාපු ප්ලෑන් එකක්...
පළාත් පාලන ඡන්දෙට නාම යෝජනා බාරදීලා තිබියදීත් කල්දාන්න කොහෙද ඡන්දයක් කියපු පින් ජනපතියා ගැන කාටද විශ්වාස කරන්න පුළුවන්...?
තිබුණු ඡන්දය කල් දාපු නිසා මිනිස්සුන්ට බොරුවට ඡන්ද තියනවා කියලා දවස් දෙනවා. එතකොට කවුරුවත් ඡන්ද ඉල්ලන්නේ නැහැනේ. මේවා මේ ගොල්ලෝ කියන්නේ හැමදාම ඡන්දය නොතියා ඉන්න කරන උපාය මාර්ගයක් විදියට. ලබන අවුරුද්දේත් මේකම තමා කියන්නේ...