IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජනපතිවරණයකට සූදානමක්?

(අජන්ත කුමාර අගලකඩ)

ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් , ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්,ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන්නැයි කැබිනට් ඇමතිවරුන් ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (13)

ජනපතිවරණයකට සූදානමක්?

nimesh Saturday, 03 June 2023 10:22 PM

රනිල් ඔච්චර ඉක්මනට ජනාධිපතිවරණයක් ආපහු තියන්නේ හදන්නේ මේ කරගෙන යන බොරුව වැඩිකල් නොයා පුපුරන බව දන්නා හින්දාද? සාමාන්‍යයෙන් මේ ගොල්ලෝ නියමිත කාලෙට කලින් ජනපතිවරණ තියන්නේ තව කල් යනකොට කරගන්න බැරි බව දන්නා හින්දා, 2012 දී මහින්ද කරෙත් ඒකයි...!

:       50       4

Perera Sunday, 04 June 2023 01:16 AM

මේ සතියේ චූන් වෙන්න කතාවක්ද මේ?

:       34       3

මල් මාමා Sunday, 04 June 2023 07:35 AM

අර මී හරක් ගාලේ 225ම නැවත පත්කරමු නේද?

:       31       7

අරවින්ද මොනරවිල Sunday, 04 June 2023 08:02 AM

නිවට, බියගුලු රනිල් රාජපක්ෂ නියමිත දිනට දවසකට කලින්වත් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැහැ. මොකද දන්නවා එහෙම පැවැතුවහොත් කුජීත වෙන්න පරාජය වෙන බව, ඒ නිසා අන්තිම මොහොත වනතුරු බලයේ ඉන්න ගේම් ගහන කෙනා කොහේද කලින් ඡන්ද තියන්නේ...?

:       25       25

චන්දිම Sunday, 04 June 2023 09:35 AM

මෙයාට ඕනෑවෙලා තියෙන්නේ කොහොම හරි මේ පුටුවේ දිගටම මැරෙනකම්ම ඉන්න. හිටියත් කමක් නැහැ, රටට හරියට සෙතක් වෙනවා නම්. මම මේ මනුස්සයා ගැන දන්නේ මම 1978 ඉඳන්. මම දන්නා තරමට නම් මේ රටේ ඉකොනොමියට හරි සෙතක් නම් මෙයාගෙන් වුණා කියලා මට පෙනුනේ නැහැ. මොකද රට දියුණු කරන යම් වැඩ පිළිවෙලක් මුල සිට අවසානය දක්වා හරි තක්සේරුවකින් කරන්න මෙයාට දැක්මක් නැහැ. කාලෙන් කාලෙට ස්ලෝගන් කීයක් ඉදිරිපත් කළාද? ඒ එකක් වත් හරි ගියාද? යහපාලන කාලේ කලෙත් ඩොලර් බිලියන 4ක් පමණ ණය අරගෙන කලේ ඔය ගම්පෙරලිය වගේ අයාලේ යන වැඩ. 2048 දී රට දියුණු වෙනවා කියන්නේ නම් ඉතින් කවදාවත් නොකෙරෙන මගුලක්. මොකද එතකොට අපිත් නැහැ එයත් නැහැ. ඊළඟට මෙයාට ඡන්ද ගන්න බලාගෙන උතුරු, නැගෙනහිරත් ජාතිවාදීන්ට ඉඩම් සහ පොලිස් බලතල දුන්නම මෙයා ඉන්නකම් ජෝලියේ රජ කරයි. අනාගතයේදී නැති ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා අනාගත දරු පරපුරට මහා විශාල ගිනි ජාලයකට මුහුණ දෙන්න වෙන්නේ...

:       25       82

AJITH Sunday, 04 June 2023 10:25 AM

ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා කීවද යලිත් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා පිරිස ඡන්දයකට ඉදිරිපත් වුවහොත් රටේ පුරවැසියන් ඡන්දය නැවත ඔවුන්ට ලබා නොදෙන බව කියා සිටියි...

:       14       20

sena Sunday, 04 June 2023 10:36 AM

මේ සුමානේ රන් කරගන්න දාපු ප්ලෑන් එකක්...

:       14       13

fairoos Sunday, 04 June 2023 02:03 PM

අනේ ඔව්, ගමට එනකන් තමයි හැමෝම බලාගෙන ඉන්නේ...!

:       3       37

ලුම්බිණි Sunday, 04 June 2023 02:37 PM

ආයෙත් පරදින්නද සූදානම? සුබ පැතුම්!

:       6       30

ජයතුංග Sunday, 04 June 2023 04:06 PM

කුමන විදිහකට ඡන්ද තිබ්බත්, එජාප, පොහොට්ටු, ශිලනිප, දෙමල සංධාන, මුස්ලිම් කොන්ග්‍රස්, සජබ එකතු වුණත්, 50% රනිල්ට ගන්න බෑ. ඒ වගේම එකතුවෙලා ඡන්දෙට ගියොත් යන්තම් හරි නමක් තියාගත්ත සජබෙටත් ගමට ලැජ්ජාවක් නැතිව බහින්න බැරිවෙයි...

:       3       20

sena Sunday, 04 June 2023 04:34 PM

එහෙම දෙයක් නෙවෙයි මේක... මේ සතිය ගොඩදාගන්න දාපු ප්ලෑන් එකක්...

:       34       11

ගමේ එකාලා Sunday, 04 June 2023 05:07 PM

පළාත් පාලන ඡන්දෙට නාම යෝජනා බාරදීලා තිබියදීත් කල්දාන්න කොහෙද ඡන්දයක් කියපු පින් ජනපතියා ගැන කාටද විශ්වාස කරන්න පුළුවන්...?

:       23       8

Anoma Sunday, 04 June 2023 06:16 PM

තිබුණු ඡන්දය කල් දාපු නිසා මිනිස්සුන්ට බොරුවට ඡන්ද තියනවා කියලා දවස් දෙනවා. එතකොට කවුරුවත් ඡන්ද ඉල්ලන්නේ නැහැනේ. මේවා මේ ගොල්ලෝ කියන්නේ හැමදාම ඡන්දය නොතියා ඉන්න කරන උපාය මාර්ගයක් විදියට. ලබන අවුරුද්දේත් මේකම තමා කියන්නේ...

:       21       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site