
(කේ. බුද්ධික කුමාරසිරි)ෙ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර ඇත.
මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ සජියානම් ඕකට එන්නේ නෑ ලොවෙත්.
මොනාද ඉතින් අපෙක්ශකයො 5 දෙනෙක් අනුරට පහරදෙන්න උත්සාහ කරයි
ඉස්සෙල්ල ආර්ථික කමිටු නේද හරි විදියට..
සජිත්ගෙයි නාමල්ගෙයි පුටු දෙක හිස්.. ඕන් කිව්වා
ඕන ඔට්ටුවක් දාන්නං, ඔය විවාදයට එන්නේ අනුර කුමාර දිසානායක විතරයි .
මේකට රනිල් ඇරෙන්න කවුරුත් එන්නේ නෑ. රනිල් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ රනිල්ට මූණ දෙන්න බැරි නිසා හැමෝම බේරෙනවා
ඕකට සජිත් සහ රනිල් ඇර අනිත් හතර දෙනා එයි
අනුර හැරෙන්ඩ අනික් අයගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ, දූෂිත පවුල් පාලනේ .හොර පෙරකදෝරුවා ගැන නම් ලෝකෙම දන්නවා .
මගේ මතේ බෑ
රනිල් ,සජිත් එයිද ?කවදාවත් වෙන්නේ නැති දේවල් කරන්න ඔයාලා නිකන් මහන්සි වෙන්න එපා
අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම එනවා !!! සජිත්ට එදාට කලින් බාරගත්තු වැඩක් තියෙනවා. ඒ නිසා සැප්තැම්බර් 22න් පස්සේ දවසක් දෙන්න කියලා කියයි. " මම මොකටද මේ ගොල්ලෝ එක්ක වාද කරන්නේ? මමනේ නිතිය " කියලා රනිල් හෙමින් මගහරියි. මාලිමාවට ඡන්ද කෝටියක් !!! ඡන්දේ දෙන්නේ අපිනේ ..!!!
නරකද රටේ පළමු කාන්තාව වෙන්න ඉන්න 6 දෙනාවත් රටේ මහජනතාවට දැක බලාගන්න අවස්ථාව ලබාදුන්නොත්...
මට ඔය බොරු සෝබන වලට ඇවිල්ලා මගේ වටිනා කාලය නාස්ති කරගන්න බැහැ. මට සල්ලි ගහන්න ඕනෑ... නිධානයක් ගන්නත් යන්න තියෙනවා, තවම බිල්ලක් හොයනවා...
කෙරුණත් නොකෙරුණත් හොඳ වැඩක්. Good initiative. මේකට ආරධනා කරලත් එන්නේ නැති කාටවත් ඡන්දේ දෙන්නේ නෑ කියලා social media campaign එකක් කළා නම් 6 දෙනාම ලස්සනට ඒවි...!
අනිවාර්යයෙන්ම සජියා එන්නේ නෑ...!