(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද එහිදී දේශප්‍රිය මහතා කීය.
ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවද එහිදී මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ඔහු කීය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි කෝටි 400ක් වියදම් කරලා... සොයා ගන්න කෙනා ඊළඟට තව කෝටි කීයකට වදදෙයිද දන්නේ නැහැ..
ඊට කලින් ප්‍රධාන පක්ෂ තුනේ තියෙන අභ්‍යන්තර "මුරුගසන් වරුසා" ඉවරයක් වෙයිද? අලුත්ම ආරංචිය තමයි එක්කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව අලුතෙන් පිහිටුවපු පාර්ශවයකට සහාය දීලා ඒ කණ්ඩායම දිනවලා පිහිටුවනු ලබන ආණ්ඩුවේ අගමැති තනතුර බාරගන්න ගිවිසුම් අත්සන් කර ඇති බවයි. අනිත් කතාව තමයි තව එක්කෙනෙක් " ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට ගන්න කෙනෙක් නෙවේ මම. මගේ ඔළුවේ තිබෙන්නේ "වරණයක්" සම්බන්ධ සිතුවිල්ලක් නෙවේ. වෙහෙරවල් හදන එක, පාසල් හදන එක, ගම්මාන හදන එක තමයි මගේ හිතේ තියෙන්නේ." කියලා මහනායක හාමුදුරුවන් වහන්සේ මුණගැහුනට පස්සේ කීවලු. ඒ අතරේ සිංගප්පූරුවට ගිය කෙනාව පෙරහරින් වඩම්මවාගෙන එන්න එයාගේ පක්ෂයේ සාමාජිකත්වයවත් නැතත් නායකයා ලෙසට සියලුම දෙනා දොහොත් මුදුන් දී සලකන කෙනාව හෙට, අනිද්දාම ඒ රටට යනවා කියලත් කියනවා. අනේ මන්දා... මේවා අහලා අපට නිකන් කරකැවිල්ල හැදිලා වගේ...
නොතිබ්බොත් කකුලට නෙවෙයි ඔලුවටම තියන්න කියල අදාළ අංශ වලට ඔහෙට උපදෙස් දෙන්න බැරිද? අර නිසිලෙස මැතිවරණ තියපු අයට ඒ කාලේ සත්තම දැම්මා වගේ.
මට නම් දුක රුපියල් කෝටි 400ක වියදම් වෙන එකට.. ගොඩින්ද? මඩින්ද? අපේ සල්ලි.. ආපහු ඉතින් ඔය හමස් පෙට්ටිය ඇතුලේ ඉන්න කෙනෙක්මනේ මිනිස්සු රටේ ජනාධිපති කරන්නේ.. මිනිසුනේ හොදට මොලේ කල්පනා කරලා තමන්ගේ වටිනා චන්දය පාවිච්චි කරන්න...
මැකෝ අයියා අපේ මේ අද වීරයනේ..// හෙට මොනදේ කියයිද අපි දන්නවනේ ..// සුත්තරයා මෙන් පතෝලයත් ඇම්ඩන්ලා..// එබැවින් හිතුවොත් හොඳා කරනදේ හිතා බලා..//
සිරිමල්, ඔය මොන වෙස් බැන්ඳත් නටන්න එළියට බහින්න එපායැනේ ! එදාට?
අපට නම් මේ රතු, කොළ, නිල් මූසලයන් ගැන කිසිම විස්වාසයක් නැත. මේ ඔක්කොම රටේ සම්පත් හොරා කාපු මෙන් හොරාකමින් සිටින මහ නිවටයින් කොටසකි.
අපිට නම් ඕවා අහලාම එපා වෙලා.. මැතිවරණ තිබුණත් එකයි, නොතිබ්බත් එකයි. අපිට එදාවේල හරිහම්බ කරගන්න කරදර නොකර හිටියා නම් ඇති. ජීවත් වෙන් හොඳ වටපිටාවක් දෙනවා නම් ලොකු පිනක්...
මහමැතිවරණයත්, ජනාධිපතිවරණයත් එකම දිනක තැබීම සුදුසුයි.. මෙහෙම කළොත් විශාල ධනස්කන්ධයක් ඉතිරි කරගත හැකියි.
ලෝක විනාශය හෝ මුරුගසන් වරුෂාව ආවත් මැතිවරණය තියනවා නම් රටට එන්න ඕනෑ ඡන්දෙ දාන්න. මෙදා පාරත් සිංහලයා වරද්ද ගත්තොත් දෙවුන්දර තුඩුවෙන් මුහුදට තමයි පනින්න වෙන්නේ...
කරන මගුලක් දෙසැම්බර් මාසෙන් පස්සේ කරගන්න. අපේ රටේ පාර්ලිමේන්තුව මීහරක් රැලකගෙන් පිරෙව්වට අපේ දරුවෝ මීහරක් කරන්න බැහැ. විභාග විනාශ කරලා රටේ ඉන්න දේශපාලකයොත් එකයි... ඔවුන් පත්කරන නිලධාරීන් කියන හරක් රැලත් එකයි... මොවුන්ට රටේ දරුවන්ගේ අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නැහැ මොවුන්ගේ මල්ල පුරෝගන්න පාර කැපෙනවා නම් කාලකන්නි හැත්ත..
කරන මගුලක් දෙසැම්බර් මාසෙන් පස්සේ කරගන්න අපේ රටේ පාර්ලිමේන්තුව මීහරක් රැලකගෙන් පිරෙව්වට අපේ දරුවන් මීහරක් කරන්න බැහැ විභාග විනාශ කරලා රටේ ඉන්න දේශපාලකයෝත් එකයි.. ඔවුන් පත්කරන නිලධාරීන් කියන හරක් රැලත් එකයි, මොවුන් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නැහැ.. මල්ල පුරවාගන්න පාර කැපෙනවා නම්...
අපේ රටේ බොහෝ දෙනෙක් සිදුකරන්නේ ආණ්ඩුවක් හදාඑන්න තියෙන ආණ්ඩුවකට හොඳයි කියන එකයි... ඒකටද හේතුවක් ඇත. ජනතාව බලාපොරොත්තු නොවූ දේ සිදුවන විට ඔවුහු එසේ උපකල්පනය කරති. මැද මාවතේ බොහෝ දෙනෙකුට එසේ සිතුනද පාට කණ්නාඩි දමාගත් පිරිසට කෙතරම් වැරදි කළත් මහින්ද හොඳයි. තවත් පිරිසකට මොන අඩුපාඩු තිබුණත් රනිල් හොඳයි. සැබෑ ඇත්ත එයයි. මේ ගෝත්‍රිකවාදී මානසිකත්වයෙන් අපේ රටේ මහජනයා මිදෙන තාක්කල් 1971 සිට මේ දක්වා සිදුවී තිබෙන්නේ එකම දෙයකි. බලාපොරොත්තු කොතරම් පොදි බැන්ඳත් ඉස්සරහට හදන ආණ්ඩුවටත් අද දූෂිතයින් ලෙස නම් දරා ඇති පිරිස් එකතු වීම අනිවාර්යයි. ඒ නිසා අළුත් ආණ්ඩුවකින් කියා මේ රටට වෙන දෙයක් නැත. සිදුවන්නේ එකම කාසියක දෙපැත්ත හැරිම පමණි...
අප්පා මෙයා මෙච්චර කල් මොනවද කියකිය හිටියේ. දෙයියන්ට දුක කියකිය නේද හිටියේ? ජනපතිගෙන් පොඩි වචනයක් පිට වුණු ගමන් එක පාරම සක්කරයා වෙලා වගේ කතාව. තව ඉස්සරහට මොනමොනවා කියයිද දන්නේ නැහැ...
මොන වයිමා කිව්වත් මම නම් අස්වෙන්නේ නෑ. මම මේක බාරගත්තේ දාලා දුවන්න නොවෙයි.
මැකෝ තුමා සිංහයෙක් වෙලා වගේ. එ්ත් ඉතින් ඔය සිංහ වෙස් වලින් අපිට මොන සෙතක්ද? මැතිවරණ කියන ඒවා ඇහෙනකොටත් දැන් අපි වෙව්ලනවා.
පිස්සුයැ... කියන්න හොඳම උදාහරනේ තමයි පින්තුරේ ඉන්න අනිත් කෙනාගේ මූණ...
ඔය ජනාධිපතිවරණය තබන දවසේම පළාත් සභා ඕනේද? එපාද? කියල අහලා ජනතාවගේ මතය දැනගන්න ජනමත විචාරණයකුත් තියන්න බැරිද?
ඒ කියන්නේ අයෙත් චාක් ගුඩු ගුඩු .. කියල ඒ පැත්තේ ඉන්න උන් මේ පැත්තටයි මේ පැත්තේ උන් ඒ පැත්තටයි පන්නන්න යන්නේ. අයෙත් ඩියුටි ෆ්‍රී කාර් එහෙම බෙදයි වගේ?
අන්න යුක්රෙනේ ජනතාව ඔවුන්ගේ පසුගිය ආණ්ඩුවල දුෂණයට වංචාවට විරුධව සටන් කරන ජනාධිපති ලෙස පත්කරගත් නළුවාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේත් බලය දීල . අපිත් කලින් දේශපාලනයට සම්බන්ධ නැති දුෂණ වංචාවලින් තොර උගත් පුද්ගලයෙකුට රටේ බලය දෙමුද ?
ඊට කලින් පාර්ලිමේන්තුවේ ඉන්න අවරුදු 60 පැනපු නාකි සීයලා ටික ඇයින් කරමු
අනේ නත්තල් පප්පේ ඔයාගේ කට විතරයි, වැඩ නෑ, වැඩ බෑ, ඉක්මණින් ගෙදර යන්න.
ජාතියේ අවාසනාවටද කොහෙද අපේ වගකිවයුතු බොහෝ. දෙනෙක් දැන් දැන් කතා කරන්නේ මොනවද කියල ජනතාවට ගැටළුවක්. ප්‍රශ්නයෙන් පිට කතා කිරීම නිසා අනෙක් කෙනෙක් එකට ප්‍රති උත්තර දුන්නම ගැටුම් වලක්වන්න බැහැ. අපිට අවශ්‍ය වලෙන් ගොඩ එන්නද නැත්නම් විනාශ වෙලා යන්නද කියල පණ්ඩිත වාක්කිය කියන අය සිතා බැලිය යුතුයි.
මැකෝ තුමනි ඔය ඔක්ක්කොම චන්ද ටික එකදවසක තියන්න පිළිවෙලක් කරන්න. අවශ්‍ය උපදෙස් දේන්න දක්ෂයෝ අපේ රටේ ඉන්නවා.
මෙදා පාර බලමු කවුද ආප්ප කාලා පිටට අනින්නේ කියලා
අගෝස්තු සහ දෙසැම්බර්වල ළමින්ගේ විභාග තියෙන නිසා ඒ කාලේ පන්නලා ඕන කෙහෙල් ගෙඩියක් තියාගන්න.... මට මතකයි මම විභාගේ ලියන කාලේ විභාග මධ්‍යස්ථානේ ලඟ විභාගේ වෙලාවේ මහා දේශපාලන රැස්වීමක්......අදත් ඒ රැස්වීම තියපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා