(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලු අපේක්ෂකයින් රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවීමෙන් අනතුරුව යළි සියලු දෙනා මැතිවරණ කොමිසමෙන් පිටව යන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.
නව ජනාධිපති ලෙස තේරීපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අපේක්ෂකයන් එහි පැමිණ සිටි සිය ආධාරකරුවන්ට ආචාර කරමින් ඉන් පිටව ගිය අතර ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.
රැස්ව සිටින පාක්ෂිකයින් ප්‍රීතී ඝෝෂා නගමින් සිටින අයුරු දැකිය හැකි විය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජයඝෝෂා මාස 6 යි තියෙන්නේ...
ඔහු දිනුවාට එළියෙන් සතුටු වෙනවා ඇති. නමුත් ඔහු කළ දේ පිළිබඳව සිත තුළින් දැවෙනවා.
ඔහු දිනුවාට එළියෙන් සතුටු වෙනවා ඇති... නමුත් ඔහු කර තිබෙන හොර, බොරු, වංචා පිළිබඳව සිත තුලින් දැවෙනවා...
පළමුවෙන්ම ඔබ තුමාට සුභ පතනවා. ජනපතිවරණ සටන නිම වුනාට මේ රටේ සිංහල උරුමය රැක ගැනීමේ සටන ජනතාව ඔබට බාරදී තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව තරකරන ගමන් පළමුවෙන්ම රටේ පුරවැසියන් සදහා පොදු විවාහක නීතියක් ඉස්ථාපිත කරන මෙන් ඉල්ලනවා.
කෝ අර ජෝතිශ්‍යවේදීන් ?
ඔබ ඉන්නේ ලොස් ඇන්ජලිස් වලද එහෙම නැතිනම් විල්පත්තුවේද? මෝඩ කතාමයි කියන්නේ. දන්නා දෙයක් කතා කරන්න.
සමහරු මේ දවස්වල විකාරෙන් දොඩවනවා. ඒකට පිස්සු කියන එක හරි නෑ.
ලොස් ඇන්ජලීස්ට මාර මොලයක් තියෙන්නේ.. හැබැයි තියන තැන හරි නැහැ.
සුබපැතුම් නව ජනපතිතුමනි, ඊළඟ ජනාධිපතිවරණයෙන් සිංහල ඡන්ද මෙන්ම දෙමල, මුස්ලිම් ඡන්දත් ලබා ගැනීමට හැකි වුණොත් ඔබ සැබෑ ලෙසම තම කාර්ය නිවැරදිව ඉටු කළ නායකයෙක් වේවි... ඔබේ සැබෑ ජයග්‍රහණය ලැබෙන්නේ එවිටයි..
ගෝඨාභය ජනපතිතුමනි, ඔබට සුබපැතුම්...! රට නිවැරදි දිසාවට රැගෙන යන්න ඔබට දෙවි පිහිට, ශක්තිය, ධෛර්යය.. සැමගේ සහාය නොමඳව ලැබේවා...!!! ඔබට ජය...
ජෝතිෂ්‍ය කියන්නේ සම්පූර්ණ බොරුවක් කියල දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක්.
වැඩි ඡන්දයට කවුරුත් ගරු කරන්න ඕනෙ කෙනාට තමා අකමැති වුණත් වැඩි දෙනාගේ කැමැත්ත එකඟ නොවී රටක් ගොඩ නගන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මුල ධර්මය. රට දියුණු නොවුණොත් තව වසර පහකින් තව අවස්ථාවක් ලැබෙනවා තමාගේ මතය පලකිරීමට...