
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කැබිනට් මණ්ඩලයේ සැලකීමට යොමු කර ඇත.
2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් යුරෝපා සංගමයට ආරාධනා කර ඇත.
එකී සංගමයේ රෙගුලාසි යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන අත්සන් කළ යුතුව තිබේ.
ඒ අනුව දෙපාර්ශ්වය අතර 2024-08-05 දින 2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමය එයි