
(අංජුල මහික වීරරත්න)
මහජන ප්‍රශ්නයක් රැගෙන එන පුරවැසියකුට හිතේ කලකිරීමෙන් යුතුව ආපසු යාමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන ආයතන වලට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් අමතමින් කොළඹදී පැවසීය.
පුරවැසියාගෙන් ඉගෙන ගත යුතු දේ ඉගෙන ගනිමින් මහජන සේවය සැලසීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා කීය.
අලුතින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන පිරිසට පළාත් පාලන දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ 3926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාරගන්නා නායකයෙක් බිහි විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුළත් කළ යුතු බව කී ජනාධිපතිවරයා නව දැනුම, නව තාක්ෂණය හා නව අත්දැකීම් එකතු කිරීමෙන් රටත්, සමාජයත් වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බව පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන නව මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති හමුවේදීය.
පැරණි ගතානුගතික අගතීන් වලින් නිදහස්ව නව ප්‍රගතිශීලි සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ආණ්ඩුව පිහිටුවා තිබෙන බවත්, සමාජ ප්‍රගමනය සඳහා තබන පියවර ඉදිරියට ගෙන යනවා මිස ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බු හා හා , මාලිමාවෙක්ගෙන් අහන්න, පල් බූරුවෙක් නොවෙයි නම් මේ ආණ්ඩුව ගැන තියෙන කලකිරීම ගැන යසට කියාවි.
ඔය උපදෙස් පලාත් පාලන මන්ත්‍රිවරුන්ට පමණක් නොවෙයි ජනපති ඇතුළු ආණ්ඩුවත් සිහියේ තබා ගත යුතුය. දැනටමත් රටේ ජනතාව ආණ්ඩුවේ වැඩ කටයුතු සිදුවෙන ආකාරය ගැන තෘප්තිමත් නැහැ. ජනාධිපති ජනතාවට දන් පොරොන්දු අමතක කර දමමින් වෙනත් ගමනක් යන්න සූදානම් වෙන බවක් පෙනෙනවා. මැති ඇමතිවරු බහූතරයක් අරමුණක් නැවත ඔහේ වැඩ කරන බවක් පෙනෙන්නේ. හොරකම නාස්තිය දුෂණය නැවැත්වුවාට රටක් හදන්න බැහැ, දැන් බලයට ඇවිල්ලා මාස අටක් වෙනවා වැසිකිළි වලක් කපන්නවත් උනන්දු උනේ නැහෑ කවුරුවත් ?
මෙයාට කියලා දෙන්න පුළුවන් පාඩම අපි දන්නවා."
අධාර්මිකයන්ට ද ඥානය පහල වේවා! සාමයේ සංහිඳියාවේ වටිනාකම දැනේවා!
පච කියන හැටිද