IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනපතිගෙන් ඉල්ලීමකට යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනිද්දා (5) සම්මත කර ගැනීමට නියමිතය.

ජයම්පති වික්‍රමරත්න , අජිත් මාන්නප්පෙරුම,මුජිබර් රහුමාන්,විජේපාල හෙට්ටිආරච්චි , හර්ෂණ රාජකරුණා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මයන්ත දිසානායක යන එජාප මන්ත්‍රීවරුන් හත් දෙනාගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදී ඇති මෙම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යය පත්‍රයටද ඇතුළත් කර ඇත.

2018 ඔක්තෝම්බර් 26 වැනිදින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ හෙයින්ද 2018 නොවැම්බර් 14 වැනිදා සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත් කර 2018 නොවැම්බර් 16 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම යෝජනාව සම්මත වූ හෙයින්ද ඒ අනුව 2018 නොවැම්බර් මස 14 වැනි දින සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත් කර ඇති හෙයින්ද 2018 නොවැම්බර් 16 වැනි දින සම්මත වූ යෝජනාව හරියාකාරව මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් වී ඇති හෙයින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කර සිටිති යනුවෙන් ඒ යෝජනාවේ සඳහන් වෙයි.



අදහස් (0)

ජනපතිගෙන් ඉල්ලීමකට යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site