
(ඩයනා උදයංගනී)
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.
හිටපු ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය ගෙනඑන ඕනෑම වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය ලබාදෙන බව ද හිටපු ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඡන්දෙට කලින් කිව්ව විදියට වැඩකළා නම් අද ඔහොම කාටවත් පාච්චල් වෙන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න තිබුණා. දැන් ඉතින් කියන්න තියෙන්නේ "කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ" කියලා තමයි...!...
මේ "බෙදුණු තුප්පහි සිංහලයට" මේ රට කරගෙන යන්න හොඳම ශ්‍රීලාංකික උරුම නායකයෙක් " ඩයස්පෝරාවෙන් " යෝජනා කරලා රට බාරදෙන්න!
බලය තියෙනකොට කොහොමද සුළු පක්ෂවලට සැලකුවේ. කොහොම රජය විවේචනය කලත් ගම්මන්පිල,විමල් වීරවංශ ඒ අවස්ථාවේ ඇමතිකම් වලින් ඉවත් කරන්න සුදුසු වෙලාවක් නෙමෙයි කොහොමටත්. ඒ අයට කරගන්න ඕන දේ ජනාධිපති තුමා කලා.හිටපු ප්‍රවාහන ඇමැති කොහොමද හැසිරුනේ සුළු පක්ෂ එක්ක. ගම්මන්පිල මහත්තයට දෝෂාභියෝගයක් පවා ගෙනාව. දැන්පි ඒ කරපු මොන්ටිසෝරි වැඩ ගැන ලැජ්ජා හිතෙනවා ඇති. නාමල්ට ඇමතිතුමා හැසිරුනේ හරියට රජ කුමාරයෙක් වගේ. අසරණ මිනිස්සුන්ගේ චන්දෙන් ආවා කියලා අමතක උනා. මිනිස්සු මෙහෙ ඩීසල්, කිරිපිටි, පෝලිම්වල, දුක් විඳිනවා, කරන්ට් නැහැ එහෙන්. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ එයා මාලදිවයිනේ water sport කරනවා.."ක්‍රීඩා ඇමති ක්‍රීඩා කරපුවම මොකද වෙන්නේ " කියනවා. මුදල් ඇමතිතුමා නිවාඩුවකට ගිහින් ඇමෙරිකාවට.... දැන් ඔය ගිලෙන නැවට කව්රුත්ම නගින්නේ නැහැ.
මහින්ද මහත්තයා පැරදුනේ ඇයි කියලා නිකමට හිතුවනම් ඔහොම වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න ලොකුම හේතුව නාමල් සහ බැසිල් ඇමතිලා. ඔබතුමාටත් බලය ලැබුනම මොලේ නැතුව ගියා. ලොකු බලයක් මිනිස්සු දුන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. මේ ගොහොරු වලෙන් රට ගොඩගනී කියන ලොකු විශ්වාසයක් ඇතිව. නැතුව පව්ලේ අය ඉස්සරහට දාගෙන ඒ ගොල්ලෝ පෝෂණය කරන්න නොවෙයි. නාමල්.............. ආදී ඇමතිතුමන්ලගේ හැසිරීම මිනිස්සුන්ගේ කෝපය තව තවත් වැඩි කලා. ඔබතුමා කාටවත් ඇහුන් කන් දෙන්න නැතිව ඇති උගත් පිරිසට. මමම හරි කියලා හිතාගෙන වැඩ කරන්න ඇති. ඒවාට හේතුව පළපුරුද්දක් නැතිකමයි.