
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.
මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතය.
යුගදනවි තාප විදුලිබලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකා සමාගමකට විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කළ ද ඒ අවස්ථාවේ අගමැති සහ මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡාකර ගැටළුව විසඳා ගන්නැයි ජනාධිපතිවරයා හවුල්කාර පක්ෂ නායකයනට දැනුම් දුන්නේය.
අද පැවැත්වෙන සාකච්ඡාවේ යුගදනවි තාප බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග කියයි.
මේ අතර යුගදනවි ගිවිසුමට විරුද්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී හෙට මහජන සභාව නමින් රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැස්වීම් .කොමිසම් වලින් රටට පලක් නැත .අවශ්‍ය වන්නේ පැහැදිලි සේවයක් හා එහි ප්‍රතිපල පමණි
කතා බහා කරලා එලියට ඇවිල්ලා මාද්‍යට මොනවා.හරි කියලා අවසන සභාතොමෝ සතුටින් විසිර ගියහ.
තව අලුත් නාට්‍යකට පිටපතක් සකස් කරන්න වෙන්න ඇති .එක විශවාස කරන්න 69 ලක්ශයක බයියන් ඉන්නවානේ
රැවුල්කාර ,අවුල්කාර, පවුල්කාර, වවුල්කාර පක්ෂ මිස මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් නම් දක්නට නොවේ.
සාකච්චාවෙන් පසු එලියට එවින් විස්සට කිව්වා වගේ මාධ්‍යට කියාවි ජනාධිපති මේ මොහොතේ අසරණ වෙලා කියල සටන අත් හරීවිද? ඒ කියන්නේ මේ හවුල් පක්ෂයේ බොහෝ අය තාම ඔවුන්ගේ නඩුවලින් නිදොස්කොට නිදහස් කරලත් නැහැ.
ජනාදිපති තුමා සංවේදී උනොත් ප්‍රශ්න විසදේවී .
හවුලපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී සිටින්න තීරණය කරයි .මීට පච වංශ
කිසිම දේකට බයවෙන්න අවශ්‍ය නෑ. මේ ආණ්ඩුව තව අවුරුදු 15ක් පවතිනවා කියල අපේ ගරු සභාපති තුමා දැන් සහතිකයක් දීල තියෙන්නේ. ඊට වැඩිය තව මොනවද ඔනෑ.
අසූචි පෝර අඩංගු නැවක් නම මාරුකරමින් ලංකා මුහුද වටේ කැරකෙනවා. මෙම සාකච්ඡාවේදී මේ ගැනද අවධානය යොමුකරන්න...
අල්ලගත්තු කොටි වලිගේ ගැන කතා කරන්න වෙන්න ඇති. ඡන්දයක් තියලා පැරැදිලා මාරුවෙන්න විදිහකුත් නැහැ. ඡන්දයක් තියාගන්න සල්ලි නැති නිසාද?