
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්‍රාම ගිය පසු සියලු පහසුකම් තත්පරයක් හෝ පාවිච්චි නොකර අත්හැරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරයා සියලු පහසුකම් අත්හැරීමට තීන්දු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට හිටපු ජනාධිපතිවරුන්ටද සියල්ල අතහැරීමට සිදුවූ බව හෙතෙම ප්‍රකාශ කළේය. හිටපු ජනපති වරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමෙන් ජනාධිපතිවරයා පෙන්නුම් කළේ සියලු පහසුකම් අත්හැරීමේ තීරණය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා " ඕක තමයි ඇත්ත කතාව" යනුවෙන්ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදපල්ලා... තව ඇදපල්ලා... වටේ ඉන්න බූරුවෝ ඔය කතා තව විශ්වාස කරනවා.
මේ නාමල් කරුණාරත්නද...?
පින්තූරේ කොහොමද ආවේ?
මාතෘකාව දැක්කම හිතුවේ ජනාධිපතිතුමා අභිනිෂ්ක්‍රමණය කරන්න හදනවද කියලා. විස්තරේ කියෙව්වම තේරෙන්නේ දැන් බලයේ ඉන්න කාලේ සියලු පහසුකම් විඳලා පස්සේ තපස් රකින්න යන බව. තව අවුරුදු ගානක් තිස්සේ පහසුකම් තියනවනේ. ඒ නිසා කලබල වෙන්න ඕන නෑ.
ඒ කියන්නේ ලපකොටා කම් සැපත් අතහරිනවා කියන එකද? එතකොට හමින්බර්ඩ් විලා එකේ සැප ගන්නේ ඩෝබී සෙට් එකද? ඒකට ප්‍රමිෂ්කා කැමැති වෙයිද?
අත් හරින්න සූදානම් කියලා විතරනේ කියන්නේ. ඒක කියන්නෙත් වෙන කෙනෙක්. ඒ වගේම කටින් කියන කතාවක් මිසක් ලියවිල්ලක් අත්සන් කරලා නෑනේ. ඒ නිසා විශ්වාස කරන්න අමාරුයි. පැය 24න් එක පෑන් පාරෙන් කරනවා වගේ වෙයි.
අපිට නම් එහෙම දැනෙන්නේ නෑ අනේ. දැන් සැප කනේ.
සාදු ! සාදු! සියලු පාර්ථනා එලෙසම ඉටුවේවා !
ඔය සේරම විදේශීය රටවල් වල බිස්නස් සෙන්ටර් කරලා රට සංවර්දනය කරන්න ජනාධිපති තුමනි.
සේරම මන්ත්‍රී වරුන්ගෙ පඩිය අරමුදලට යවනවා කීවා වගේ තමා. මුන් යටින් ගේම දෙන්නෙ සේරටම බබා පෙන්නනලා..ඕවා හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට කීවානම්