
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය.
ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් සර්...!
ජයවේවා, හැබැයි 88/89ක් නම් එපා..
අවංකව හරිම සතුටු වෙන්න ඕනෑ... ජනාධිපති රනිල් මැතිතුමනි,
රටේ දැවෙන ප්‍රශ්නවලට මෑත කාලයේදී විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය.
අරගලයට ජය වේවා !!
මේ රටේ ජනාදිපති නෙවෙයි ගුබිබෑයමෙ හොරු 134 ජනාදිපති.
අපිට චුවින්ගම් බ්‍රේස්ලට් ඕනේ සර්...
දැන් ඉතින් කරලා පෙන්නන්න තියෙන්නේ. රාජ්‍ය සේවය හදන්න. ජේ,වී,පේ. අයව පාලනයට සම්බන්ධ කරගන්න ඕනේ. මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් ඉන්න අයගෙන් හොදම කෙනා මෙතුමා බවත් මගේ පෞද්ගලික විශ්වාසයයි. නමුත් හැකි ඉක්මනින් ඡන්දයකට යායුතු පරිසරයක් ගොඩනගා මහජන ඡන්දයකට යන්න.
රට තවත් අරාජික භාවයට පත් නොවේවා..
දැන් ඔබෙ වෙලාවයි අපේ රට දියුනු කර පෙන්වන්න. මෝඩයන් දේශපලනයෙන් එලියට යන විදියට රට සංවර්ධනය කරන්න. ඔබට ජය. ඔබට කල හැකියි
දැන් ඉතින් මොන.ආලවට්ටන් දාලා කතා.කීවත් පලක්.නෑ.කැමති හෝ අකමැති ජනාධිපති තේරිලා ඉවරයි.මෙයා එක්ක මේ දේශපාලන ක්‍රීඩාවට ජයගන්න නොවේ අභියෝග කරන්න හරි අපේ වෙන්න ඉන්න නායකයෝ ඉගෙන ගන්න වෙනවා.කොහොමත් පුතාණෝ නම් හරි යන් නෑ කියලා ඕනවටත් වඩා පෙන්නලා ඉවරයි.
අපිට හරිම සතුටුයි. අපේ රටට ඉන්නව දැන් ශක්තිමත් නායකයෙක්
යන්තම් අනුර 3 බේරගත්තා. ඔය තුනත් කොහොමත් රනිල්ට බද්දට දෙයි.
බොහෝ දෙන බොහෝ දේ කියනු ඇත, තම ඉල්ලකය වෙත යාමට කොයි තරම් සුක්සම ලෙස උඩුගම් බලා යායුතු ද යන්නට නුතන හොදම නිදසුන ඔබයි, ඔබ දිනු ලෙසම රට දිනවන්නටත් වාසනාව ලැබේවා
නූතන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හොදම විකෘතිය. ජනතාවගෙ ප්‍රතික්ෂේපය ජනතාවගෙ එපාවීම විසින් ජනතාව පාලනය වීම.්‍රඔහොම යං
අදහසක් නෑ...
මේකේ කමෙන්ට් කරන්න සහ ලයික් ඩිස්ලයික් දාන්න පුලුවන් රනිල්ට පක්ෂ අයට විතරද? අනිකුත් ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මත එක්ක බැලුවම මෙතන තියෙන්නෙ විකෘතියක්.
ගෙදර ගෑනි මොනවා ඉව්වත් කන්න වෙනවා වගේ දැන් ඉතිං මොනවා කිව්වත් ඔයා අපේ ජනාධිපති. පුළුවන් නම් රට මේ කුණු කන්දෙන් එලියට ගන්න ඒක ලොකු දෙයක්.
ඇනුර කවදත් නායකයා.. ඇති යතන් එකත් ගොඩ. බයේ හිටියෙ අනුර ජනාදිපති උනා නම්, කොහෙ කරන්නඩ? හැමදාම වගෙ දුන්නොත් කරල පෙන්නන්නම් කියන එකවත් නැති වෙනව තව පොඩ්ඩෙන්. ඔහොම යන්!
ඔබතුමාට ශ්‍රීලාංකික අපෙන් හදපිරි සුබ පැතුම්. මේ වෙනස ඇති කරන්න උදව් කල, කැපකිරීම් කල සැමටත්, දිවි පිදු සැමටත්,අරගලය කල තරුණ පිරිසටත්, අන්තරේ ළමයි ටත් අපි විශේෂ ස්තුති කරනවා...... තෙරුවන්සරණයි සැමට.
අරගලයට ජයවේවා..
චන්ද 25000 ක් අරන් මිලියන 22ක් ඉන්න රටේ විධායක ජනාධිපති.
මම දැල්වූ පහනින් බාන එලිය දැකීම..
එකෙකුට එකෙක් පරාද නැති, එකම හොර කණ්ඩායම දෙකට බෙදී, කල ඒ නිහීන අලජ්ජි රංගනය තාත්විකයි. ලෝක දේශපාලනයේ මහජන චන්දයෙන් පරාජයට පත් උන පුද්ගලයෙක් ඒ රටේ ජනාධිපති බවට පත් වූ බවක් ඔබ මින් පෙර අසා තිබේද? ප්‍රජාතන්ත්‍ර වාදයෙන් බැහැර, හමුදා පාලනයක් හා මේ විපරීතය අතර වෙනස කුමක්ද? හමුදා පාලනයක් ඇතිවීම එක්තරා වීර වික්‍රමයක් උවත්, ලංකාවේ මේ සිදුවන්නේ, විකුර්ති දේශපාලනයක්. මහජන මතය විකුර්ති කරමින් මේ කරන තුප්පහි රංගනය අවසන් වෙන්නේ මහා විනාශයකින්. එතෙක්, මේ කරන විගඩම් නරඹමින්, හැලිය රත් වෙන තුරු තව හොඳට නටාපල්ලා...
ටියුෂන් ගියේ නෑ, එදා වැඩ එදාම කළා.. පොර ටෝක් දුන්නේ නෑ. රැස්වීම්, සාකච්ඡා කලේ නෑ.. ශෝ දැම්මේ නෑ. ඒත් විභාගේ පාස් ඉහළින්.
සජියාගේ සහාය ඩලස්ට, TNA සහාය ඩලස්ට, පොහොට්ටුවේ සහාය ඩලස්ට. හම්බ පක්ෂ සහාය ඩලස්ට, ස්වාධීන වූ 10 ගේ සහාය ඩලස්ට... අන්තිමට දින්නේ රනිල්... මොකක්ද මේ?
සුබපැතුම්. ඔබ යටතේ රාජපක්ෂ පරපුරම සුරක්ෂිතයි. රට සහ ජනතාවට අනාගතයේ හීනය තවත් කාලෙකින් දුරස් වුණා. මේකට වගකිව යුත්තේ 69 ලක්ෂයේ රැළයි.
අහෝ ඩලස්..!
උප්පරවැට්ටි දාලා ජනපති වුණාට රට ගොඩගන්න උප්පරවැට්ටි වලින් බැහැ.
මම නම් මේක කළින්ම කිව්වා. දැන් ඉතින් මහින්ද අගමැති වෙලා ගෝඨා ආරක්ෂක ලේකම් වුණානම් ඔක්කොම හරි...
අයියෝ අර ගෝඨා හිටියා නම් මීට වඩා හොඳයි. අපරාදෙ අරගලේ කෑවා. එදා රෑ පාර්ලිමේන්තුවට ෂොට් එක දුන්නා නම් වැඩේ ඉවරයි.
අහෝ ශ්‍රී ලංකා...!
ගණදෙවි නුවණ තියෙනවා කියලා අපේ ආච්චි කිව්වේ මේ වගේ දේවල් දැකලා වෙන්න ඇති මගේ හිතේ...!
දේශපාලකයෝ එයාලගේ රාජකාරිය හොඳින් කරලා තියෙන බව පේනවා.
ඕක සැබෑ ජයග්‍රහණයක් නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්නා ගොබ්බයින්ගේ ජයග්‍රහණයක්. ඔහොම යන්, ඔහොමයන්...
අපේ සුබ පැතුම් රනිල් ජනපතිතුමනි, අරගලයේ අපි බලාපොරොත්තු වූ වෙනස ඉටුවී ඇත...
එතුමා හරි වාසනාවන්ත කෙනෙක්... මිලියන 22ක් මිනිස්සු ඉන්න රටේ 134 දැන් එතුමා ජනාධිපති වුණේ...
දැන් සෙල්ලම් බැහැ. වැඩේ හරියට. නැත්නම් ගෝ හෝම්...!
මෙතෙක් කාලයක් රටේත්, ජනතාවගේත් අනාගතය පරදුවට තබා කාල උත්සාහය ජයගත්තා. දැන් බලමු කෙරුවාව.. රට සුද්දට විකුණයිද? ඉන්දියාවට විකුණයිද? නැතිනම් චීනයට විකුණයිද කියලා... අර වරාය විකුණුවා වගේ...
දැන් ඉතින් කමිටු දදා බෙරේ ටියුන් කරකර ඉන්නේ නැතුව දන්නවානම් ගහලා පෙන්නන්න.
ඔවුන් නිතරම දිනනවා.. අපි පරාදයි..
ලජ්ජා නැත්ද මිනිහෝ ඔහොම කිසිම ජනතා කැමැත්තක් නැතුව රාජපක්ෂලාගේ සල්ලි වලින් ජනාදිපති වෙන්න.
අත් අඩංගුවට ගන්න හිටපු කට්ටිය මැක්කෝ වගේ රනිල් මහතාගේ ඇඟේ එල්ලුනා. හැබැයි පෙන්නුවේ ඩලස් මහතාට චන්දෙ දුන්න කියලයි. ඒ වගේම ලොං හැලිලා හිටපු දත් දොස්තරවරු ප්‍රමුක පාස්කු පෙළහරේ ඇඟ බේරගත්ත මිනිස්සුයි, රටේ බෙදුම්වාදී අවස්ථා වාදියෝයි, කටෙන් බතල හිටවන විපක්ෂ නායකයායි, ඩලස් මහතාගේ ඇඟේ එල්ලිලා එන්න හදල නිකන් වික්ෂිප්තව හුලන් ඇරගත්තා. තව එහාට මෙහාට පැන පැන ලැජ්ජා නැතුව මාද්‍යට කතාකරන තරුණ ගවයෝ දෙන්නෙකුත් ඔවුන්ට බලතල දෙයි කියල හිතාගෙන ඉන්නවා. බොරුවට දිනන පැත්තට චන්දෙ දුන්න වගේ නිකන් කතා කරනවා දැක්ක. හැබැයි තුන් දෙනෙක් ඇරෙන්න මොවුන් එකකුටවත් ජනතාව හමුවට එන්න වෙන් නෑ මොකද අම්බානක ගුටිකනවා කොයි වෙලාවේ හරි .
දැක්කද මගේ වැඩ. මේක දිනුවා කියන්නේ මට වැඩක් නෙමෙයි. මං කියවපු පොත්වල හැටියට මේක මොකද්ද. කෝ ඔය කියපු කෙළිකාරයෝ මගෙත් එක්ක හැරෙන්නවත් පුළුවන් උනාද. ඉස්සරහට මගේ වැඩ පෙන්නන්නම් කෝ කැගහපු පොඩි බබාලට ඇඬේන්න.
හරිම සතුටුයි ඔබතුමාගේ පත්වීම ගැන. සියලුදෙනාටම ආදර්යක්. උත්සහ වන්තයා ජයගනී කියල ඔප්පු කරල තියනවා. අපි දැන් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ රු . 205 ට ඇමෙරිකන් ඩොලර්. රු. 200 ට , පෙට්‍රෝල් සහ කලින් තිබ්බ ගානට ආහාර. ඔබතුමා ඉස්සර කිව්වා බලය නැ එකයි කරන්න බැරි කියලා. දැන් කරලා පෙන්නන්න මේ අවලන් කතා කියන උන්ගේ කට වැහෙන්න. ජයවේවා !!!
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අමතක වෙලා වගේ... මේ සිදුවීම සම්පූර්ණයෙන්ම මහා ජනමතයට පටහැනියි...
ගිය ආන්ඩුව ගෙදර යැව්ව මහබැංන්කු හොරා කියල දැන් දෙගොල්ල එකතු වෙලා මෙක හොරුන්ටම ගිය රටක් මෙ දෙගෙඉල්ලොම නේද රට බංකොලොත් කරේ
මෙයත් ජනතාවට ඇන්දීමට තෝරගෙන තියෙන්නේ හොර නඩයයි... බලමු නේද? මාස 03ක් පෝලිම් නැතිකරනවා කිව්වා... දැනට ඇවිල්ලා මාස 2 1/2 ක් ගිහිල්ලා ඉවරයි. වෙච්චි දෙයක් නැහැ...
මහජන මතයෙන් නොව පරලිමේන්තු මණ්ත්‍රී 134 දෙනෙතු තෝරාගත් ජනපති රනිල්ය.