IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනපති ස‍ටනට කාන්තා පුලුටක් නෑ

සුජිත් හේවාජුලිගේ

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

කාන්තාවක ජනාධිපතිවරණයකට අවසන් වතාවට ඉදිරිපත් ඇත්තේ 1999 වර්ෂයේදීය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

ජනාධිපතිවරණයකට 2005 න් පසු කිසිදු අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීමා දිසානායක මහත්මීහු ( දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ) 1994 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ.

රටේ ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය කරන්නෝ කාන්තාවෝය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද කාන්තාවන් සිටින්නේ සියයට 5.8කි.

කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.

අක්මීමන දයාරතන සහ බත්තරමුල්ලේ සීලරතන එම ස්වාමීන් වහන්සේලා දෙදෙනා වෙති.

මැතිවරණයට ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයෝ සිවු දෙනෙක් ද ඉදිරිපත්ව සිටිති. පී අරියනේත්‍රන්, මොහොමඩ් ඉල්ලයාස්, අබුබකර් ඉන්ෆාස්, මයිලවාගනම් තිලකරාජා එම අපේක්ෂකයෝ සිවු දෙනා වෙති.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් සහ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු පස් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු වෙති.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ සරත් කීර්තිරත්න,කේ.කේ පියදාස සිරිපාල අමරසිංහ, අනුර සිඩ්නි ජයරත්න සහ අනුරුද්ධ පොල්ගම්පලය.

 



අදහස් (14)

ජනපති ස‍ටනට කාන්තා පුලුටක් නෑ

lelwala Friday, 16 August 2024 04:49 AM

ඒ අයට දේශපාලනයෙන් අයින් වෙන එක හොඳයි. කිසිම උගත් දේශපාලකයෙක් මඩ ගහන්නේ නැහැ.

:       0       4

ජයනාත් Friday, 16 August 2024 05:57 AM

කාන්තා අයිතිවාසිකම් කිය කිය 35% නියෝජනය ඉල්ලනව. ඒත් ඉදිරිපත් වෙන්නෙ නැහැ . කාත්තාවන්ට කියන්න තියෙන්නේ එකම දෙයයි . බොරුවට කෑ ගහන්න එපා. කරලම පෙන්වන්න .

:       1       9

Rupika Rupasingha Friday, 16 August 2024 06:01 AM

රටේ පාලනය සදහා සුදුසුකම් තිබුන ලංකාවෙ දැනට සිටින එකම කාන්තාව හරිනි අමරසූරිය පමණයි ඒත් ඇයට එම අවස්ථාව නොදීම රටේ ජනතාවගේ පාපකර්මයක් කියන්න පුළුවන්

:       11       5

Rashmi Friday, 16 August 2024 08:57 AM

අපේ රටේ දේශපාලනය ඇවිල්ලා කාන්තාවකට තියා සිහි බුද්ධියක්, ලැජ්ජාවක් භයක් තියෙන කිසිම පිරිමියෙකුටවත් සුදුසු තැනක් නෙවේ. එච්චරටම ජරාජීර්ණය වෙලා තියෙන්නේ.

:       1       15

Bunny Preena Friday, 16 August 2024 09:22 AM

ලොකු නින්දකින් පස්සේ ඇහැරිලා වගේ

:       1       4

Rohana Friday, 16 August 2024 10:13 AM

අපේක්ෂකයින්ගේ ජාති ජන්ම බෙදා කතාකිරීම වැරදිය. සියල්ලෝම මනුෂ්‍ය අපේක්ෂකයෝය. කාන්තා අපේක්ෂකයෙක් නැහැයිකියා හඩා වැලපීමේ තේරුමක් නැත. අවශ්‍ය නම් කාන්තා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තිබුනා.ඒකට මැතිවරණ නීතියෙන් බාධාවක් නැත.

:       0       10

රංබොඩ Friday, 16 August 2024 10:29 AM

හෙළ බොදු සංස්කෘතියක් තියෙන රට නිසා තවම සමාජය තුළ හිරි-ඔත්තප්ප යම් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා . රඟපෑම් ක්ෂේත්‍රය මෙන්ම දේශපාලනය ද කාන්තාව ට රැඳී සිටීමට අපහසු තැන්. සිරිමාවෝ මැතිණිය පවුල් පසුබිමකින් ආවේ. චන්ද්‍රිිකා මහත්මියත් එහෙමයි.රටටම මවක් විය හැකි කාන්තාවක් අවශ්‍යයි. පේන තෙක් මානෙක.නෑ. අවසන් මව සිරිමාවෝ මැතිණිය .

:       7       5

Sandeepa Perera Friday, 16 August 2024 11:56 AM

2019 ජනාධිපතිවරණයේ දී ආචාර්‍ය අජන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඡන්ද 27,572ක් ගත්තා.

:       0       5

Rohan Friday, 16 August 2024 12:32 PM

කෝ මේ ඩයනා..?

:       1       2

පිටිගල මිලානෝ Friday, 16 August 2024 01:01 PM

මේ යන විදියට ක්ලබ් වසන්තයියා හිටියා නම් එයත් එකෙන්ම ඉල්ලනවා.

:       1       2

Nilmini Friday, 16 August 2024 01:20 PM

පුලුටු තියෙන කොට ප්‍රේතයෝ පිසාචයෝ කුම්භාන්ඩයෝ ඇවිල්ලා ප්‍රේත විමාන ඇතිවෙනවා. එහෙම පුලුටු නැතුව වුණත් රට ප්‍රේතයෝ පිසාචයෝ කාලා අවසන් කරන්න ආසන්න වෙලා තිබුණා දැන් කාලය වුණත් යහපත් නැහැ. ඒ නිසා පුලුටු නැතුව ඔහොම යන්...!

:       1       1

නන්දන පනා- මිලානෝ Friday, 16 August 2024 01:55 PM

පිටිගල අයියේ ඡන්දෙන් පස්සේ ටැටුවා කියයි වසන්තයියේ අපි ඉවරායි කියලා…

:       1       1

ගමේ එකාලා Friday, 16 August 2024 03:23 PM

ජනතාවට සේවය කරන්න සැදී පැහැදී ඉන්න ගීතා කුමාරසිංහටවත් අඩුම ගානේ ඉදිරිපත් වෙන්න තිබුණා...

:       1       0

පරිශීලකයෙක් Friday, 16 August 2024 08:43 PM

කාන්තාවන්ගේ නායකත්වයක් අවශ්‍ය නිවැරැදි තීරණ ගන්න බැරි මෝඩගති තියෙන, ඒ වගේම ලැජ්ජාව නැති පිරිමින්ට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17824 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site