(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැතැයි වාර්තා වේ
මේ සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබිණ.
මෙම රැස්වීමට සහභාගී නොවූ පිරිසට එස් එම් චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.
කෙසේ වෙතත් එම මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර දරන මන්ත්‍රීවරුන් සහභාගීවී ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පළමුව පක්ෂ නායකයන් දැනුවත් කර ඉන් අනතුරුව පක්ෂයේ මාර්ගයෙන් මන්ත්‍රීවරුන් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට කැබිනට් ඇමැතිකම් නැති නිසයි. දෙන්න එපා රනිල් දෙන්න එපා...
වීදුරු ගෙවල්වල ලගින අතිගරුලාගේ දැන ගැනීම පිණිසයි. හාල්මැස්සන් කිලෝව 2,000යි. පොල් ගෙඩිය 120යි. ටිකිරි මාරි 100යි. ඩොක්ටර් චැනලින් 4000යි. හාල් ඇවරේජ් 200යි. මස් කිලෝව 1500යි. නුඹලා සැපේ ඉඳපල්ලා අපේ සල්ලිවලින්...