
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර දිසානායක මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමි සමඟද කෙටි පිළිසඳරක නිරත විය.
මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද එක්ව සිටියහ.

COMMENTS
කුණු කන්දේ ගඳ මහානායක හාමුදුරුවන්ටත් දැනුනද කියලා අහන්න වෙන්නැති.
පන්සලට දානෙත් නැති වෙයි කිව්වා. පෙරහැරත් නතර කරයි කිව්වා. දැන් වෙන්නේ ඒක අනිත් පැත්තනේ අපේ හාමුදුරුවනේ. සුදු පිරුවට ඇදලා මිනීමරන හොරකම් කරන නායකයෝ වෙනුවට මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව වැඩ කරන නායකයෙක් රටට ලැබිලා තියෙනවා. ඒ ගැන කුහක වෙන්නේ නැතුව සතුටු වෙන්න පුළුවන් නේද අපි හැමෝටම ?
ඔන්න ඔය කට්ටිය තමා මාලිගවට බෝම්බ ගෑහුවේ. පලදෙන්න ඕනේ නැද්ද හාමුදුරුවනේ.
තක්කඩියාගේ අවසාන නවාතැන...
රාජපක්ෂලාට විරුද්ධ නම් ... දේවදත්ත ආවත් පුටුවක් දෙනවා වාඩිවෙන්න.
අපේ හාමුදුරුවරු රවට්ටලා දේශපාලනයෙන් හිර කරලා කාඩිනල්ව සහ ජූලී චුන්ග් ලන්කාවේ නායකයෝ කල්ලා මේ පචද්‍රෝහියා තවත් රවට්ටනවා බෞද්ධ ජනතාව…