
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා ලබන සඳුදා(28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික රාජ්‍ය සාකච්ඡා පැවැත්වීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා මෙහිදී මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතය.මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද සහභාගී වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උම්මලකඩ අපට විකුණලා පණකෙන්ද ගැටගහ ගත්තු රටක් අද දියුණුවෙලා තියෙන්නේ කොහොමද කියලා දන්නා කියන කෙනෙක්ගෙන් අහලා දැනගත්තොත් ඔය ගමනෙන් වැඩක් වෙයි. සංචාරක ව්‍යාපාරය චූන් පාන් කාලා සුමානයක් ඉන්න හදන විදේශිකයින් වෙනුවට අත දිග ඇරලා කිසි ලෝබකමක් නැතුව යහමින් වියදම් කරන ලෝකයේ ධනවත්ම පිරිස් ගෙන්වාගන්න සකස්කර ඇති වැඩපිළිවෙල ගැනත් අහලා බැලුවොත් හොඳයි. මාලදිවයින් ගුවන්සේවය ළඟදීම ශ්‍රී ලන්කන් එකටත් වැඩිය විශාල වෙන්නයි යන්නේ...
යන්න ඉස්සෙල්ලා අර අහිංසක වැඩිහිටියන්ට බෙහෙත් ටික මාසේ කැම බීම ටික ගන්න වැඩිහිටියන්ගේ දීමනාව දීලා යන්න කාරුණික වන්න ජනපතිතුමනි...!
යනවා එනවා විතරයි... රට එහෙම්මයි...!
කලින් විදියටම රට සවාරියක් ගහලා අපේ බදු මුදලින් විනෝද වෙලා රටට තඹදොයිතුවක වැඩක් කරගන්නේ නැතුව හිස් අතින්ම ප්‍රයිවට් ජෙට් එකකින් ආපහු එන්න. පත්වෙලා මාස දහයයි, රටේ සංවර්ධනය බින්දුවයි...
අපි මේ ආණ්ඩුවට වඩා වෙනස් ආණ්ඩු පතන්නේ නෑ. මේ කරන සුද්ද කිරිල්ලම මදැයි මුළු කාලෙටම වුණත්. (ජරා ගොඬේම ඉන්න පණුවන්ට ඒවා තේරෙන්නේ නැති එක ගැන දුකයි)
මාලදිවයින යනු විශ්මයජනක රටකි. ප්‍රධාන වශයෙන් සංචාරක ව්‍යාපාරය සහ මාළු නිෂ්පාදන මත යැපේ. ආහාර සියල්ලම පාහේ ආනයනය කරනු ලැබේ. දූෂණය අඩුවීම නිසා ඔවුන් සමෘද්ධිමත් වී ඇත.