(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කළේය.
ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැවීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මේ අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනපති ‘මිල්කෝ’ ආයතනයට යයි
indika Friday, 25 February 2022 01:18 PM
සර්, දුම්රිය අංගනේට ගියාට වැඩක් නෑ.. හවස මිනිස්සු එක්ක කෝච්චියක ගිහින් බලන්න. මිල්කෝ එකට ගියාට වැඩක් නෑ. කිරිපිටි පෝලිම් වල ඉන්න මිනිස්සු දිහා බලන්න.. හයිලන්ඩ් කිරි තියන කඩයක් හොයාගන්න උදව්වක් දෙන්න. බස් කාරයෝ එක්ක කාර්යාලේ මීටින් තිබුණාට වැඩක් නෑ. පොඩ්ඩක් බස් එකකට නැගලා ගිහින් බලන්න. යනකොට ඔය වටේ ඉන්න සොක්කෝ නැතුව ඔබතුමා තනියම යන්න ගාඩ් එකත් එක්ක. මොකද ඔය යන එවුන් තමා ඇත්ත ප්‍රශ්න හංගන්නේ...
sharm warn Friday, 25 February 2022 01:52 PM
කිරිපිටි පැකට් එකක් දැක්කේ නැහැ මාස ගාණකින්... බටර් එකත් දැන් අතුරුදහන්... ගොවියට රුපියල් 100ක් දෙනකොට අපි නිෂ්පාදන මිලට ගන්න කීයක් දෙන්න වෙයිද? මේ මිනිස්සු ඡන්ද ටික බේරගන්න ඕක දෙයක් පුදන්න ලෑස්තියි. අපි ඩොලර්වලින් හම්බ කරනවා කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ...
Roshan Friday, 25 February 2022 02:04 PM
උපදෙස් දෙන්න ඕන ගොනෙකුට පුළුවන්. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නිලධාරීන් සහ සේවකයන් නැති එක තමයි තියෙන ලොකුම බාධාව. ඔය ඉන්න නිලධාරීන් සහ සේවකයින් 99%ක් ම ඉන්නේ දේශපාලකයින්ට කඩේ ගිහිල්ලා සුදුසුකම් නැතුව පත්වීම් ගත්තු අය. රාජකාරි වේලාවේදී කරන්නෙත් කඩේ යන එකම විතරයි...!
Ranjit Friday, 25 February 2022 03:43 PM
අදට බොහෝ කාලයකට ඉස්සර එකෝමත් එක දවසක හාල් ප්‍රශ්නයක් ඇතිවුණු වෙලාවේ හාල් කඩේකට කඩා පැනලා හාල්මිල පාලනය කරපු හැටි අපට හොඳට මතකයි. ඊට පස්සේ කී තැනකට නම් කඩා පැන්නාද? එත් වැඩක් වුණු බවක් පෙනෙන්නට නම් නැහැ. කිරිපිටි වැඩේටත් ඒ ටිකම තමයි...
සෙනෙවිරත්න Friday, 25 February 2022 03:57 PM
කළයුත්තට ප්‍රමුඛතාව දෙන අපේ ජනාධිපතිතුමාට දිගාසිරි...
දිසා... Friday, 25 February 2022 04:00 PM
මිල්කෝ සමාගම මගින් "හයිලන්ඩ්" කිරිපිටි නිෂ්පාදනය කිරීම මේ වනවිට අඩුකොට ඇති බැවින් පවතින හිඟය මත විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මව් පියවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බැවින් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කොට හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත යුතුයි.
uk ran Friday, 25 February 2022 04:26 PM
ජනාධිපතිතුමාට හැමෝම සහයෝගය දුන්නොත් රට හදාගන්න පුළුවන්. ඒත් ඒකට ලංකාවේ ඉන්න වංචාකාරයෝ, පගාකාරයෝ කැමැති නැහැ. එයාලා සර් ෆේල් කියලා වටේ යනවා.