(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව දැනගන්නට ඇත.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද ඒ සඳහා සංශෝධන ඉදිරිපත් වූ බව වාර්තා වේ .
දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (12) දිනයේ පැවැත්වීමට ද එකගතා පළ වී ඇත. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා පමණක් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර ,ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,,ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,අසංක නවරත්න,යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ
ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව ,දෙපාර්ශවය අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
රට අරාජික සහ අස්ථාවරවීම වැළැක්වීම සඳහා වන යෝජනා 11ක් ඇතුළත් ලිපියක් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉකුත් සිකුරාදා (08)යවනු ලැබීය.
රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සදහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබිණි.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නට පෙර ,මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී ඊයේ (10)රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමඟද සාකච්ඡා කිරීමට එම මන්ත්‍රීවරුන් මෙහිදී තීරණය කර ඇත .
එම මන්ත්‍රීවරුන් හතළිස් එක්දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුව, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන ජනබලවේගඅතරය සාකච්ඡාවක් ද ,හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැවැත්විණි.
ඊට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූ බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර රටේ මිනිසුන්ට සිංහල අවුරුදු නැහැ.පොහොට්ටු හා ශ්‍රිලනිප,හවුල්කාර පක්ෂ කණ්ඩායම එක්ව තමයි මේ රට මේ තත්වයට පත්කළේ.රටේ ජනතාව තවත් කුපිත කිරීමට කටයුතු නොකර සියලුදෙනා තම තමන්ගේ නොහැකියාව දැන් හෝ තේරුම්ගෙන රට කරන්නට පුළුවන් වෙනත් කණ්ඩායමකට බාරදෙන්න.අපට දේශපාලකයන්ගේ බලය හා පැවැත්මට වඩා වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න සහ රටේ පැවැත්ම සඳහා කටයුතු කරන පිරිසක් රට බාරගැනීම යි.
රටේ වත්මන් තත්වය ඉතා භයානකයි. මෙයාල සාකච්චා කරලා එලියට එවින් සතුටින් කියන්නේ සාකච්චා විසඳුමකින් තොරව අවසන් වුනා කියල. හෙටත් සාකච්චා කරනවලු. මොකද්ද මේ සාකච්චාවේ තේරුම? ජනතාව ඉල්ලන්නේ ජනාධිපති ඇතුළු රාජපක්ෂලා ඉල්ලා අස්වියයුතුයි කියල. මෙයාල සාකච්චා කරනවා.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කිව්වෙ මාව මරන්න නමුත් මගේ ආත්ම ගරුත්වයට හානි කරන්න එපා කියලා ඒකටත් එක්ක මෙතුමා රටතුල පමණක් නොවෙයි ලොවෙන්ම ජනතා අප්‍රසාදය පලවී තිබියදී රාජපක්ෂ පරම්පරාවම නින්දාවට පත්කරනවා අපිත් හැටනව ලක්ෂයක් ජනතාව අතරේ ඉන්න නිසා අපිටත් අපේ පරම්පරාවලටත් ඔබතුමා කරන්නෙ නින්දාවක්.අනේ මැතිතුමෝ දැන්වත් ඔබ ඔබේ පරම්පරාවට නින්දා නොකර ඉවත්වෙන්න චමල් ලොකු අයියේ ඔබේ මල්ලිලා රාජපක්ෂ නාමයට කරන අපහාස නවතා පරම්පරාවෙ ගරුත්වයක් තිබුනේ නම් එය රැකගන්න
පාර්ලිමේන්තුවේ කාලේ කෑවා විසඳුමක් නෑ... එකඑක පඳුරු ගානේ සාකච්ඡාවල විසඳුමක් නෑ. ඊයෙත් නෑ. අනික් දවසෙත් නෑ... රැස්වෙලා ඉන්න අය යනකන් ඇදගෙන යමු කියලා වෙන්න ඇති තීරණය වෙන්න ඇත්තේ... 225 1 ඔක්කෝටම දාලා දුවන්න වෙන ගානට තත්වය ගේන්න එපා. අර මිනිස්සු ගෝල්ෆේස් එකේ ගමකට නමකුත් හදාගෙන ඉවරයි...
දැන් කල්ලි ගැහිලා" මල්ල කරේ " කියලා රට බාරගන්න දඟලන්නේ.. එතැනත් තරඟය.., ඒකයි එකඟතාවකට නොපැමිණෙන්නේ....!
ආණ්ඩුවට ගොට්ට අල්ලලා වරෙල්ලාකෝ ඡන්දෙ ඉල්ලන්න...
ඔය 225 ඇතුළෙම ඔය තනතුරු බෙදෙන්නෙ. ඔය හැම පක්ෂයකම ඉන්න බහුතර පිරිස කොයි වගේද කියල රටේ ජනතාව හොදටම දන්නව. කැලේ මාරුවීමක් විතරයි. ඒ නිසා මේ ටික කාලයlටවත් වැඩපිළිවෙලක් සකස් කිරිම සදහා ජාතික ලැයිස්තුවේ ලිස්එකට අලුතින් පක්ෂ පාට භේදයෙන් තොරව දැන උගත් විෂයට අදාළ දක්ෂයො පත්කර ගත්තොත් මොකද?
දෙපිට කාට්ටුවන් වාසි පිලට බරයි.
පිළිගත හැකි විසඳුමකට නෑවිත් දිගටම කල් මැරීමෙන් රට තවත් අගාධයට යෑමයි වෙන්නේ. ඒ සඳහා ජනපතිගේ කැපවීම සහ අවශ්‍යනම් බලතල ඇත හැරීම කළ යුතුයි. ඒ මන්දයත් රට මෙතරම් ආර්ථික අගාධයට වැටුණේ ඔහුගේ ආණ්ඩු කාලයේ වීමයි. දිගටම කාටවත් කන්නොදී හිතුවක්කාර විදිහට කටයුතු කළා. ඒ නිසා විශාල ලෙස රාජ්‍ය ආදායම සහ විදේශ වත්කම් අඩුවුණා. කබ්‍රාල් සහ මහේන්ද්‍රන් අධිපතිලාට විශ්‍රාම වැටුප් හිඟමුදල් සමග ගෙවීමට පමණක් කොතරම් වැය වුණාද?
ඥාණක්කාගෙන් අහන්න...
දැන් අල කරලා ඉවරයි. දැන් ඇඟේපතේ ගා නොගෙන ගියා නම් තමයි හොඳ...!