(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී සිටි පිරිස් එහි වෛද්‍ය මධ්‍යස්ථානයට පහර දී එහි තිබු රුපියල් ලක්ෂ 12 ට අධික වටිනා වෛද්‍ය උපකරණ හා ඖෂධ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම වෛද්‍ය මධ්‍යස්ථානය නාවික හමුදාව විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මන්දිරයට ඇතුලු වු පිරිස් විසින් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුලු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකරන එහි ගබඩා කර තිබු මෙම වෛද්‍ය උපකර හා ඖෂධ තොගය පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිට පවසයි.
නාවික හමුදාව විසින් මෙම පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලක්ෂ 12ක වෛද්‍ය උපකරණ-ඖෂධ"! මේකෙ හොරෙන් ඉස්පිරිතාලයක් වත් පවත්වගෙන ගිහිල්ලද?
ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල කොළඹ කොටුව පොලිසියට බාරදීමෙන් පසුව එය අධිකරණය වෙත වහාම යොමු කළ යුතු වුවත් මේ දක්වා නීත්‍යානුකූලව එම ක්‍රියාමාර්ගය ගෙන නැත.
අපෝ.. ඒ කියන්නේ ලෙඩෙක්ද ජනාධිපති කමේ ඉඳලා තියෙන්නේ...? මොකද මේ රටට වෙන්නේ..? රෝහල්වල බෙහෙත් නැහැ. මිනිස්සු, දරුවන් මැරෙනවා බෙහෙත් නැතිව... ලක්ෂ ගණන් බෙහෙත් එයාලා ළඟ.. ලැජ්ජා නැහැ...