(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සහ විදුලි ඉස්ත්‍රික්කයක් සොරාගත්තැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන පස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (28 ) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඉස්මයිල් මොහොමඩ් අශාන් නැමැති කොළඹ 13 පදිංචි සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකි.
අරගල කරුවන් විසින් අරලියගහ මන්දිරය අත්පත් කර ගනු ලැබීමෙන් පසු මෙම සැකකරුවන් විසින් අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සහ විදුලි ඉස්ත්‍රික්කයක් පැහැරගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 05 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතියට සහ පොලිස්සියෙ උන්දලට මෙවගෙ හල්මස්සො අල්ලන්නනම් පුදුම හැකියාවක් තියෙන්නෙ. ඔය වගෙම අල්ලපන්කො මහබැංකුව කොල්ල කාපු හොර තක්කඩි, රටෙ සල්ලි බිලියන ගනනින් හොරකපු පල් හොර තක්කඩි, රටෙ ආර්තිකෙ වැටෙන්න යන බව පෙනි පෙනි හිකි හිකි ගගා හිතා මතාම රටේ ආර්තිකය සහ මිලියන 22 මිනිස්සුන්ගෙ ජීවිත වලපල්ලට දාපු තක්කඩි එහෙමත්?
රාජපක්ෂ ආණ්ඩුව කාලේ කටුගෙයි පුරාවස්තු අන්තරස්දාන උනා. ඩොලර් මිටි ගණන් අතුරුදහන් උනා. සමහරවිට බහිරවයා ගෙනියන්ඩ ඇතිනේ ?
අනුර මහතා, මෙන්න රට බාරගන්න ඉන්න ඔබේ තරුණ කැල. මම හැමදාම කිව්වේ ඕක තමයි. ජෙප්පන්ට රට ගියොත් ගෙදර තිබෙන ලුණු පොල්කට්ටටත් කෙළවෙනවා කියලා...
රටේ දේපළ සහ මහජන මුදල් එළිපිට මංකොල්ල කන, කුඩු විකුණන මිනී මරන අයව, මුක්තිය පෙන්නලා, අපට කොකා පෙන්නලා එළියට දානවා. මෙතන ඉස්තිරික්කයයි, වැසිකිළි පෝච්චියයි රකින්න අපේ බදුමුදල් වලින් පඩිගන්න අයව යොදවලා. මේ වගේ අපරාධවලට ජනමාධ්‍යයත් වගකියන්න ඕනැ...