හර්ෂණ තුෂාර සිල්වා
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට තමාට අවස්ථාව දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ වැඩ කටයුතු කිරීමට සූදානම් බව ඔක්තෝබර් 26 වැනිදා හිටිහැටියේම බලයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මීට පෙර කිසිදු අවස්ථාවක නොවූ අයුරින් බල අරගලයකට මැදි වී සිටින වික්‍රමසිංහ මහතා තමන් රටේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යරයා යන අයිතිවාසිකම සනාථ කිරීමේ සටනක යෙදී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වික්‍රමසිංහ මහතාගේ ධුරයට පත් කිරීමත් පසුව නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමත් සමඟ මෙම බල අරගලය නිර්මාණය විය.
ජනාධිපතිවරයා මේ සතියේ පැවැති ප්‍රසිද්ධ මහජන රැලියකදී පෞද්ගලික කරුණු ඈඳා ගනිමින් වික්‍රමසිංහ මහතාට වාග් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සිරිසේන මහතා සහ වික්‍රමසිංහ මහතා අතර මතභේදාත්මක සබඳතාව තවදුරටත් පිරිහීමට ලක්විය.
ජනාධිපතිවරයා සමඟ තවදුරටත් කටයුතු කළ හැකි දැයි විමසූ විට වික්‍රමසිංහ මහතා මෙසේ කීය. “මට ඔහුත් සමඟ වැඩ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එය ඔබ ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. පෞද්ගලික පූර්ව නිගමන සහ විනිශ්චය කිරීම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කර නැහැ” යනුවෙනි.
කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන ‘අරලිය ගහ මන්දිරියේදී’ ‘ද හින්දු’ පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.
ධුරයෙන් පහකර දින දහයක් ගෙවී ගියද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන්නැයි දැඩි ලෙස ඉල්ලීම් කළ ද ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කළ ද වික්‍රමසිංහ මහතා තවමත් අචලව එහි රැඳි සිටී. අඟහරුවාදා සවස් වනවිට එම පරිශ්‍රය ජනතාවගෙන් පිරිගිය අතර ඔවුන්ගේ බොහෝ දෙනා වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෝ වූහ.
දශක හතරක පාර්ලිමේන්තු දිවියක් සම්පූර්ණ කර සිටින තම 69 හැවිරිදි නායකයා දැක ගැනීමේ අරමුණින් යටත් විජිත සමයට අයත් පෞරාණික සහ තේජාන්විත ගොඩනැගිල්ලට ඇතුළු වන විවිධ ස්ථානවල පාක්ෂිකයෝ රැඳි සිටියහ.
ඔක්තෝබර් 26 වැනිදා සිට අඛණ්ඩව අරලිය ගහ මන්දිරියේ පිරිත් සජ්ඤායනා කෙරෙති. පිරිත්වල බල මහිමයෙන් යක්ෂයන් සහ අවාසනාව ඈත් කරන බව බෞද්ධ විශ්වාසයයි. අරලිය ගහ මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයේම පිරිත් මණ්ඩපය ඉදි කර ඇත. “දැන් දවස් දහයක ඉඳන් නොනවත්වා පිරිත් කියනවා” යැයි ආරක්ෂක කාර්ය මණ්ඩලයේ අයෙක් පැවැසීය.
වික්‍රමසිංහ මහතා මෙම දේශපාලන අර්බුදය මධ්‍යයේ වුවද පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවනු ඇතැයි බලාපොරොත්තු සහගතව පසුවෙයි. “උත්තරීතර වනුයේ පාර්ලිමේන්තුවේ බලයයි. කතානායකවරයා පවත්වාගෙන යන්නේ එයයි” යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සඳුඳා නිකුත් කළ නිවේදනය උපුටා දක්වමින් වික්‍රමසිංහ මහතා කීවේය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තුරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිනොගන්නා බව සඳහන් කරමින් කතානායක කරු ජයසූරිය මහතා එම නිවේදනය නිකුත් කර තිබිණි.
“මට විශ්වාසයි. මට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා. ඔවුන් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ ඒක නිසා. ඔවුන්ට බහුතරය නැහැ” යැයි වික්‍රමසිංහ මහතා කීවේය.
සිරිසේන මහතා නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ අතර පසුව පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වැනිදා කැඳවන බව නිවේදනය කළේය. “මේ ප්‍රමාදය කනස්සල්ලට හේතුවක්. මම ඒ ගැන වද වෙනවා. මොකද මේ ප්‍රමාදය රට තවදුරටත් අස්ථාවර කරනවා” යැයි ධුරයෙන් පහ කළ අග්‍රාමාත්‍යවරයා කීය.
බදාදා පස්වරුව වනවිට වික්‍රමසිංහ මහතාගේ පෙරමුණට පාර්ලිමේන්තුවරුන් 99 දෙනකුගේ සහාය හිමි ව තිබූ අතර සිරිසේන-මහින්ද පිලට මන්ත්‍රීවරුන් 104 දෙනකුගේ සහාය හිමි වී තිබේ.
සිරිසේන-මහින්ද පිලට බහුතරය පෙන්වීම සඳහා තවත් අවශ්‍ය වී ඇත්තේ මන්ත්‍රීවරුන් නවදෙනකුගේ සහාය පමණි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආසන 225කින් සමන්විතය. කෙසේ නමුත් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) සහ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමි වී ඇත.
දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනකුගෙන් සමන්විත අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් 6 දෙනකුගෙන් සමන්විතය. විපක්ෂයේ පසුවන එම පක්ෂ දෙකම රාජපක්ෂ මහතාගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල නැතැයි ප්‍රකාශ කර ඇති අතර ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා’ කිරීම වෙනුවෙන් ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කර ඇත.
වික්‍රමසිංහ මහතා තම පූර්ණ අවධානය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම කෙරෙහි යොමු කර ඇති අතර “උත්තරීතර අධිකරණ බලතල” ඇත්තේ පාර්ලිමේන්තුව බව සඳහන් කරමින් අධිකරණයට යෑම ප්‍රතික්ෂේප කරයි.
“ඔබ අධිකරණයට ගියොත් ප්‍රශ්නය විසඳාගන්න ඔවුන් ඔබ පාර්ලිමේන්තුවට යවනවා. අපේ විදිය ඔබට වඩා වෙනස් (ඉන්දියාවේ ක්‍රමවේදය)” යැයි තම ස්ථාවර නැවත නැවතත් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා කීවේය.
රට ස්ථාවර කිරීම වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගය වී තිබෙන අතර ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවේදී සිය බහුතරය පෙන්විය යුතුව ඇත. “කැබිනට් මණ්ඩලය නැවත පත් කරන්න වෙනවා. මොකද ඇතැම් අය අලුත් කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වෙලා” යැයි වික්‍රමසිංහ මහතා කීය.
“එහෙත් පෙර ඔවුන් (සිරිසේන--රාජපක්ෂ හවුල) බහුතරය පෙන්වන තුරු පසුගිය සිකුරාදාට (ඔක්තෝබර් 26 වැනිදාට) පෙර තිබූ තත්ත්වය තවදුරටත් පිළිගන්නා බව” කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවහොත් යනුවෙන් විමසන්නට ගිය අවස්ථාවේදී, ප්‍රශ්නය අවසන් කිරීමටත් පෙර “ඔහුට බහුතරය පෙන්වන්න බැහැ” යැයි වික්‍රමසිංහ මහතා කීවේය.
එවැනි උපකල්පිත සිදුවීමක් ඇති වුවහොත් කුමක්ද යන්න විමසූ විට වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. “උපකල්පන ගැන මම දන්නේ නැහැ. මම කතා කරන්නේ දැන් තිබෙන තත්ත්වය ගැනයි. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න බැහැ”.
'' ද හින්දු'' ඇසුරිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම බලයට පමණක් කෑදර බව ලෝකෙටම පෙන්නලා ඉවරයි.
අනේ ආයේ නම් එපා. ප්ලීස්
අනේ ආයෙ නම් එන්න එපා ප්ලීස්.
ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුය යන කියමන සැබෑවක් බවට පත් කරමින් සිටින රනිල් මහත්ම ට අපගෙ හදපිරි මෙව්වා එක. එතුමන් බලයට නායකත්වයට අැති අාසාව පසු ගිය වසර වල දී දක්නට ලැබිණි. බැදුමිකරයට හිර වී සිටින ඊළගට සිටින නායකයා අගමැති කම බාර නොගන්නෙ එය කරලියට එවී යන බිය නිසා විය යුතුය.කෙසෙ වෙතත් දැන් නවීන් හො රැවන් විජයවර්ධන වැනි නිහතමානි අයවලුන්ට පක්ෂ නායකත්වය බාර දිය යුතු කාලයයි. එසෙ වුවත් විලි ලැජ්ජා නහර නොමැති නිසා රනිල් නායකයා වශයෙන් 2030 වෙනකමි සිටී.එයින්ද ඔහු සෑහීමකට නොවනු අැත.
දේශපාලනය පිලිබඳ දැනීමක් සහ අත්දැකීම් ඇත්තෝ ප්‍රතිපත්ති වලට පහර ගහනවා මිස පුද්ගලයන්ට පහර දෙන්නේ නැහැ . දැනුමක් , අත්දැකීමක් නැත්තන්ට ප්‍රතිපත්තීන්ද නොමැති බැවින් පුද්ගලයින්ට පහර දෙනවා හැර වෙනත් දෙයක් නොදනිති
කියමු බලන්න දැන් කාටද බල තණ්හාව තියෙන්නෙ කියලා ..
මෙයාට ඕන විදියට වැඩ කරන්න ගියාම ඒකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ජනාධිපති තුමාට මිසක් මෙයාට නෙවෙයිනේ..
එජාපයට ලැජ්ජාවක් නැහැ. තමන්ට දිනන්න බැරි බව දැනගෙන මෛත්‍රීව මේ ස්ථානයට ගෙනාවේත් එජාපය ම තමයි. 2010 දීත් මේ වැරැද්දම තමයි කළේ. එජාප එක දැන් කළ යුත්තේ මේ නායකයාව අයින් කරලා නව දක්ෂ නායකයක් පත් කර රටේ ජනතාවගේ ප්‍රශ්න, අවශ්‍යතා හඳුනා ගැන, ඒවාට අවශ්‍ය වැඩ පිලිවලත් සමග ඡන්දයට මුහුණ දියයුතුයි, ඒ හැර ඡන්දයක් ආවොත් පිටින් අපේක්ෂයෝ තෝරන්න නැතුව. දැනට අරලියගහ වටේ ඉන්න පාක්ෂිකයෝ මේවා දැනගත යුතුයි, අනුන්ට දොස් කියන්නට කලින්. දැනට අවුරුදු 24 ක්ම පුරා පරාජය හඹ හඹා මෙයාම නේද පක්ෂය මෙහය වන්නේ. කිසිම ප්‍රගතියක් නැහැනේ..........
ඔබතුමා රටට ආදරය නිසාත් බෙදීගියොත් රට යයි සුන්වී කියා සිතන නිසාත් ඔහොම කිව්වට එතුමා ආදරය කරන්නේ පක්ෂයට කියල හිතෙනවා.ඒ නිසානේ සතුරන්ලෙස2015 දි හැඳින්වූ කෙනා සමග ඔක්තෝබර් 26 දින ඔබව එලවා අත්වැල් අල්ලාගත්තෙ. බුදු දහමේ සඳහන් පරිදි නියම මිතුරන් හඳුනාගන්න.
මේවලට කොහෙන් හිනවෙන්නදෝ.. පව් හිටපු අගමැති රනිල් උන්නැහේ.. ජනාධිපති , මහජනතාව, එජාප පාක්ෂිකයන් මෙච්චර යන්න කියද්දී පුටුව බදාගෙන ඉන්නවානේ.. කලින් පක්ෂ නායක පුටුව... දැන් අගමැති පුටුව.. ජනතාව ඉදිරියේ විහිලුවක් වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනි..
ඔබතුමා එහෙම පෙන්නුවේ නැහැ මේ අවුරුදු තුනේදීම.බැරීම තැන තමා ජනාධිපති තුමා මේ තීරණය ගත්තේ.මහින්දට වගේම ඔබතුමාටත් වුණේ වටේ ඉන්න වැරදී මිනිස්සු දීපු උපදෙස් නිසා.ඔබතුමාට දැන් කරන්ට තියෙන්නේ එකම දෙයයි.ජනාධිපතිට මේ අවුරුදු එකහමාර කරගෙන යන්ට දීල එජාපෙ පුර්ණ ප්‍රති සංවිධානයක් කරලා ජනාධිපති ඡන්දෙට සුදානම් වෙන එකයි.
පැරදිලා ගෙදර ගිය අයත් සමග මේ කරන.සෙල්ලම නතරකරන්න. ඔබත් සග වැඩ කරමින් සිටි. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු කෝ ඒ අයගෙන් අහන්න ඕන කැමැත්ත අකමැත්ත. මේ මොනවද මේ කරන්නේ පුටුව බේර ගන්න කරන සෙල්ලමක් මේක. නීති විරෝදී සියලු දෙනාම නැගිට්ට මෙයට. විරෝධය පාන්න. පැරදුන අයව ගෙනත් ඡන්දෙ ඉල්ලන වැඩක්. මේක මේතරම් මොඩයිද
මිනිහ වෙන ගෑනියෙක් එක්ක ගියින් පස්සෙත් ආයේ ඒ මිනිහ එක්කම පවුල් කන්න දඟලන්නේ වෙන යන්නම අතක් නැති ගෑණු තමයි.
මේයා රටේ අවාසනාවට ඉපදිච්ච එකෙක්. මෙයා නිසා හරි නායකයකුට ඉස්සරහට එන්නත් බෑ. ඉදල ඉදල ආපු වෙලාවෙත් මහා බැංකුව කලා අපකීර්තිමත් වුණා.මෙයා නිසාම සන්ධානේ වුන්ට රට කන්න අවස්තාව ලැබිල තියනවා.
2015 දී මන්ත්‍රී ධූර 50 කටත් අඩුවෙන් සිටිය දී, ජනධිපතිවරණ ප්‍රතිථල මත අගමැති ධූරය ලබා දීමේ දී සතුටින් බාරගත් මෙතුමා, මන්ත්‍රී අසුන් 100 ඉක්මවා සිටින මහින්ද මහතාව අගමැති ධුරයට තෝරා ගැනීමේ දී කටයුතු කරන ආකාරය සාධාරණ ද? මුදලට සහ තනතුරු වලට අලෙවි වන පා.ම. බහුතරය අනුව කටයුතු කිරීමට වඩා ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උරගා බැලීමට මහ මැතිවරණයකට යාමට සහයෝගය දීමට ඔබ තුමාට ශක්තිය සහ ධෛර්ය ලැබේවා.
ද හින්දු පුවත්පත් ලිපිය දැක්කා. එකේ තියෙන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියලා. එතකොට විදෙස් රටවලුන් ලංකාවේ අගමැති ලෙස පිළිගන්නේ කවුද කියලා පැහැදිලියි. මෙදා සැරේ ජනාධිපතිවරයා කළේ මහින්ද මහත්තයව දෙවැනි වතාවට අමාරුවේ දාපු එක.
අගමැති තුමනි. සමනලියක් සමග වැඩ. කරන්න. පුලුවන්ද , අපි මිමස්සියක් හොයමු. කඩිසර , ක්‍රියාශීලි. ප්‍රියමනාප කෙනෙක්. මේක. රට. බාරගත්තු දවසේ. ඉඳල දියුණුවක් නැහැ. ඔබගේ පක්ෂයත් හැල්ලුවට. පත්වෙනවා කිසිම. ලැබීමක් නැහැ අමාරුවෙන්. හදාගත්. දේවලුත්. නැති වෙන්න. යන්නේ
ලැජ්ජාවක් නැහැ..
ඉස්සර වතාවේ නම් කට්ට කළුවරේ කියමුකෝ... මේ සැරේ මේ මහ දවාලෙනේ වලට වැටෙන්න කලින් හිතලම පනින්න හදන්නේ. අනේ අනිච්චං...
"...මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවහොත් යනුවෙන් විමසන්නට ගිය අවස්ථාවේදී, ප්‍රශ්නය අවසන් කිරීමටත් පෙර “ඔහුට බහුතරය පෙන්වන්න බැහැ” යැයි වික්‍රමසිංහ මහතා කීවේය..." අගමැතිකම ගහලා ගියත් උද්ධච්චකම අඩුවෙලා නැහැ! හැබැයි ඡන්දෙකට ගියොත් එජාපයට ඇපත් නැහැ!
කොන්දක් නැතිකම සහ බලයට තිබෙන කෑදරකම... මෙයාලා ඔක්කොම එන්නේ අපිට කරන්නනේ..
දැන් බල තණ්හාව තියෙන්නේ මොවුන්ටයි. පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතුයි...
ගිවිසුම් ගහපු වැඩ පිළිවෙලේ විදියට වැඩකරන්න අයවැයක් හැදුවා. වැඩේ ක්‍රියාත්මක කරන්න ඉන්දියාවෙන් ඉල්ලුවා. ඉන්දියාව දැන්ම බැහැ කිව්වා. ඉන්දියාව ඉරානයෙන් තෙල් ගන්න එකට සම්බාධක දාන්න ඔන්න, මෙන්න කියලා තිබුණු එකත් එ්කට හේතු වෙන්න ඇති. මේකෙන් අයවැය යෝජනා කරන්න යන වැඩපිළිවෙල බකල් නිසා පොඩි සංදර්ශනයක් අපට පෙන්නලා අයවැය නතරකළා. ඔය අතරේ ඉන්දියාව අපේ බොටුව තද කරලා ඉරානයෙන් තෙල්ගන්නත් අවසර ගත්තා. දැන් අපේ කට්ටිය පීලිපැනපු කෝච්චිය අයෙත් පීල්ලට දාගන්න හදනවා. අනේ අම්මප.... අපි කට ඇරගෙන සංදර්ශන නරඹනවා. පව් අර මැරිච්ච අහිංසකයා. මෙයාලට සංදර්ශන පෙන්නන්න ඇරලා තමන්ගේ රස්සාව කරලා උන්නා නම් මිනිහ අදත් ඉන්නවා.
අපේ රටේ හිටපු රාජ්‍ය නායකයින් අතරින් වැඩිපුරම බුද්ධාගමට, සංඝයා වහන්සේලාට ගරහපු, අපහාස, උපහාස කරපු, කොටින්ම මහනායක හිමිවරුන්ට පවා ගරහපු වෙනත් කිසිඳු අයෙක් හිටියේ නැත. එමෙන්ම අවසන් මොහොතේ තම බලය රැක ගැනීමට බුද්ධාගමෙන් මෙවන් පිහිටක් පැතු වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙක්ද සිටියේ නැත. ලෝක දහම නම් මෙයයි..
මීලගට ආප්පයට සයනයිඩ් දමා දෙන්න වගබලාගන්න...
රටේ ජනතාව හැටියට අපට කියන්න තිබෙන්නේ ජනාධිපති විසින් කල කතාවේදී ඔහුට ඔබසමග වැඩකිරීමට නොහැකි බව කීවා. එසේම මේ අවරුදු තුනහමාරට අපි ඒබව පැහැදිලිව දැක්කා.
එතකොට පසුගිය අවුරුදු 3 තනියෙම කලේ කියලා පිලිගන්නවා
රනිල් රටටම වැඩේ දුන්නා...
ඔබතුමා කෙසේකීවත්, මින් ඉදිරියට මේ රටේ කිසිවෙක් ඔබතුමා සමඟ වැඩ කිරීමට කැමති නොවනු ඇත.
ඔබතුම දුර්වල නායකයෙක් ලෙස පිළිගෙන පක්ෂ නායකත්වය පුළුවන් කෙනෙකුට දීල එජාපය ඉදිරියට ගෙන ගියානම් හොඳයි..