(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා බලයට පැමිණ සිව්වැනි පදවි ප්‍රාප්තිය සැමරුව ද එදා බලාපොරොත්තු වූ උතුම් පරමාර්ථ මෙතෙක් ඉටු වී නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
එම කාලය තුළ රටක් ලෙස ලෝකය දිනා ගැනීමට හැකි වුවත් ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවලට හා මිග් යානා ගනුදෙනුවලට වගකිවයුත්තන්ට දඬුවම්දීමට නොහැකි වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එබැවින් ගතවූ කාලය දෙස ආපසු හැරී බැලීමේ දී හැට දෙලක්ෂයක ජනතා පැතුම් ඉටු නොවීම ගැන කණගාටුවක් දැනෙන බවද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ ඇත්ත . ස්තුත්යි.
ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවලට හේතුද රටේ සංවර්ධනයට රටේ රැකියා වැඩිකරන්න පුළුවන් වන්නේ...? එජාපයින් අමු මැට්ටෝ කියන්නේ කට කසනවට නොවේ. බලපන් රටට ආයෝජකයෝ ගෙන්න ගන්න ක්‍රම. රටේ අපනයනය වැඩිකර ගන්න ක්‍රම. ආයිත් වෝක්ස්වැගන් කාර් කර්මාන්තශාලා ගැන හිතන්න එපා. බැංකු කඩලා සල්ලි බෙදා ගන්නත් එපා. නුඹලාගේ වැඩවලින් සිටිය ආයෝජකයෝත් අකුලාගෙන ගියා...
එක පරමාර්ථයක් නම් ඉටුවෙන්න ඇති. ඒ කියන්නේ මහජන වියදමින් ලෝකයේ සෑම රටකම සංචාරය කරන්න ඕනේ කියලා සිතුව එක...
ලැජ්ජා නැද්ද ඔහොම කියන්න...?
මේ අනුවණ මන්ත්‍රීලා සිතන්නේ අපේ මිනිස්සු යහපාලන රංගනය ගැන කලකිරීමට පත්ව ඉන්නේ තාජුදීන්ගේ සහ ලසන්තගේ ඝාතනය ගැන හෙව්වේ නැති නිසා කියලද? ජනතා ඡන්දය අවභාවිත කරන ඔබලා නිසයි අපි කලකිරීමෙන් ඉන්නේ...
කාට වුණත් දඬුවම් දෙන්න ඉස්සෙල්ලා, තියෙන චෝදනා උසාවියක සාධාරණ සැකයකින් තොරව ඔප්පුකරගන්න ඕනේ බව දන්නේ නැති අයද, එජාපෙ මන්ත්‍රීලා වෙලා ඉන්නේ? මේ අයට ඕනේ කරන්නේ තමන්ගේ විරුද්ධ වාදීන්ට මොකක් හරි චෝදනාවක් දමා දඬුවම් කිරීමටයි.
කාට වුනත් දඬුවම් දෙන්න ඉස්සෙල්ලා තියෙන චෝදනා උසාවියකින් විභාග කර සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු බව නොදන්නා අයද එජාප මන්ත්‍රීලා වෙලා ඉන්නේ? මේ අයට ඕනේ තමන්ගේ විරුද්ධ වාදීන්ට මොකක් හෝ චෝදනාවක් කර දඬුවම් ලබා දෙන්නද?
එජාපයේ නායකත්වය ඔයාලවත් රවට්ටලා, ඡන්ද දායකයොත් රවට්ටලා ජනාධිපතිවත් රැවට්ටුවා. ඒකයි අපි හැමෝගෙම බලාපොරොත්තු කඩවුණේ ඔයාලා තව ටිකක් සද්ද නැතිව බලාගෙන ඉන්න තේරෙයි මොකද වුනේ කියලා. නිකම් බොරුවට කෑගහලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා...
තුෂාර ළමයෝ, ඔය ගොල්ලන් තජුඩීන් ගෙයි, වසීම් ගෙයි, ලසන්ත ගෙයි, මරණ ගැන කියකියා අපිව රවටන්න හැදුවට ඔයාල චූටි කාලේ ඔයාලගේ අය රට විනාශ කිරීමට විරුද්ධ වුණු රටේ සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදීන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, කලාකරුවන්, දේශපාලන නායකයින්, ආගමික නායකයින්, හමුදා ප්‍රධානින් වගේම රටේ අහිංසක තරුණ තරුණියන් අමුඅමුවේ මරලා, ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කළා අපි දැක්කා... මිග්යානා ගනුදෙනුවක් ගැන කියලා අපිව රවටලා අපේ ඡන්ද ටික අරගෙන බලයට ඇවිල්ලා ප්‍රසිද්ධියේ මහා පරිමාණයෙන් මංකොල්ල කනවත් අපි බලාගෙන හිටියා. ඉතින් දරුවෝ, නිකම් පරණ බොරු කියලා නම සවුත්තු කරගන්නේ නැතුව, අලුත් ඒවා ටිකක් රචනා කරලා දෙන්න කියලා ඔයාලගේ මහතැන්වලට කියන්න.
අනේ එතකොට අර බැඳුම්කරේ වගේ පොඩි ඒවටත් තාම මොකුත් වුනේ නැහැ නේද? එ්ක අමතක වුණාද, නැත්නම් මඟහැරියද?