IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ජනපති බලන්නේ ඔරුවෙ මොන පැත්ත පෙලුනත් ගොඩ යන්න‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් ඒකෙන් ගොඩ යන්නට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර්  රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනාධිපතිවරණය පවත්වනවාද?නැද්ද? කියා ලොකු කසුකුසුවක් පසුගිය දිනවල තිබු බව කී රහුමාන් මහතා  ජනපතිගේ  සහ වටේ ඉන්න ගෝලබාලයන්ගේ හැසිරීම නිසා ඒ සැකය ඇතිවූ බව රහුමාන් මහතා කීය. 

"ජනපති කාල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මැතිවරණය කල් දාන්න ඕන කියා විවාදයක් ඇතිකොට එහි දිගුවක් ලෙස මේ පෙත්සම අධිකරණයට ආවා. සංවිධානාත්මක අපරාධ කියන්නේ මේවට තමයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපති කාල සීමාව පැහැදිලිව කියා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා. 

ඡන්දය නොතබන බවට ජනතාවට ඒත්තු ගන්වන්න විශාල මෙහෙයුමක් යනවා.ජනාධිපතිතුමා බැලුවේ ඔරුව මොන අතට පෙරලුණත් ඒකෙන් ගොඩ යන්න"යැයි මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

 



අදහස් (1)

‘ජනපති බලන්නේ ඔරුවෙ මොන පැත්ත පෙලුනත් ගොඩ යන්න‘

kotiya Tuesday, 09 July 2024 10:51 PM

පහුගිය අවුරුදු ගානක් තිස්සේ ඒතුමා වැඩිපුරම ආශ්‍රය කලේ මුස්ලිම් අයනේ. සමහරවිට ඒක නිසා වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site