
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් ඒකෙන් ගොඩ යන්නට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරණය පවත්වනවාද?නැද්ද? කියා ලොකු කසුකුසුවක් පසුගිය දිනවල තිබු බව කී රහුමාන් මහතා ජනපතිගේ සහ වටේ ඉන්න ගෝලබාලයන්ගේ හැසිරීම නිසා ඒ සැකය ඇතිවූ බව රහුමාන් මහතා කීය.
"ජනපති කාල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මැතිවරණය කල් දාන්න ඕන කියා විවාදයක් ඇතිකොට එහි දිගුවක් ලෙස මේ පෙත්සම අධිකරණයට ආවා. සංවිධානාත්මක අපරාධ කියන්නේ මේවට තමයි.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපති කාල සීමාව පැහැදිලිව කියා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.
ඡන්දය නොතබන බවට ජනතාවට ඒත්තු ගන්වන්න විශාල මෙහෙයුමක් යනවා.ජනාධිපතිතුමා බැලුවේ ඔරුව මොන අතට පෙරලුණත් ඒකෙන් ගොඩ යන්න"යැයි මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු ගානක් තිස්සේ ඒතුමා වැඩිපුරම ආශ්‍රය කලේ මුස්ලිම් අයනේ. සමහරවිට ඒක නිසා වෙන්න ඇති.