(අජන්ත කුමාර අගලකඩ)
පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා අද (31) උදෑසන මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
පළාත් ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුට තනතුරු අහිමිවීමේ ඉඩකඩ පවතින බවද පැවසේ.
ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීමේදී දැනට සිටින කිහිපදෙනෙකුට පමණක් නැවත ආණ්ඩුකාර ධුර හිමිවනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.
පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස හේමකුමාර නානායක්කාර මහතා ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස මාර්ෂල් පෙරේරා මහතා ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.බී. දිසානායක මහතා ද, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කේ. සී. ලෝකේෂ්වරන් මහතා ද කටයුතු කරති.
උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා ද, නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා ද, උතුරුමැද ආණ්ඩුකාරවරයා ලෙස එම්. පී. ජයසිංහ මහතා ද, ඌව ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී. රැකව මහතා ද කටයුතු කරන අතර සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කරයි.
නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද හෙටම සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුදු සප්‍රයිස් වාගේ !
පොහොට්ටුවෙන් කට්ටිය පත් කරන කියලා කීවද දන්නේ නැහැ .
අපි නම් කියන්නේ ඔහේ ඇතුළු 225ම සදහටම රටින් තුරන් වුනොත් එ්ක රටට කරන මහඟු සේවයක්. ඉල්ලා අස්වීමෙන් වැඩක් නැත...
රටක ජනාධිපතිවරයා නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කියා එරට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළහොත්, එම ජනපතිවරයා වහාම එම තනතුරෙන් ඉවත්විය යුතුයි. එහෙත් මේ රටේ අය තවත් රැදී ඉන්නේ රෙදි ඇඳගෙනද කියා සිතෙනවා. අනේ රටකට ගිය කලක්...
තවත් හොඳවැයින් මැල්ලුමක් පිසින්න වගෙයි යන්නේ.
නම දෙනෙක් ඉල්ලා අස්වෙනවට වැඩිය එක්කෙනෙක් ඉල්ලා අස් වුනා නම් තමා වැඩිය හොඳ හා ලේසියි.
මොකද්ද මේ? අස් කරනවයි, අස්වෙන්න කියනවයි, විසුරුවා හරිනවයි ඇරෙන්න වෙන රාජකාරියක් ඇත්තෙම නැද්ද ?
එකත් එකටම මේ ගොඩේ යම් නොතේරෙන අන්තර්ජාතික භාෂාවක් කතා කරන කවුරු හරි ඇති. නැති නම් නිතර සූට් බූට් අඳින කෙනෙක් ඇති... තනතුරට නොගැලපෙන්න ඕවාත් බලපාන කරුණු නේද?
ඉල්ලා අස්වෙන්න කියන්නේ මොකටද..? අස් කරාම ඉවරයිනේ.. අස් කරන්න බයේද කොහෙද...? රනිල් අස්කරලා කරගත්තු ටික ඇතිනේ...
රටක රජා පිස්සු වුනත්, පිස්සෙක් රජ වුනත් එකම විනාශය තමයි.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට, නීතියට විරුද්ධව වැඩකළ බව උසාවියෙන් ඔප්පු වුණා. දැන් මේ කරන්න හදන්නේ පොහොට්ටුවේ කට්ටිය දාන්නනේ.. තවදුරටත් හිතුවක්කාර ඒකාධිපතියෙක් ලෙස රට වනසන්න මේ හදන්නේ...
ඔක්කොටම කලින් ඔය මහා එක්කෙනා ඉල්ලා අස්වුණා නං රටට සෙතක් වෙයි.
අද සිකුරාදා නෙමෙයිනේ.. මොකද මේ තකහනියෙන්? සිකුරාදා නැකත වෙනස් කළාද උසාවි නියෝගයෙන් පස්සේ..?
ඔය සෙට් එකේ විභාග පාස් කරපු කී දෙනෙක් ඉන්නවද?
ඉල්ලා අස්වෙන්න ඕන කෙනා අනිත් අයට ඉල්ලා අස්වෙන්න කියන අමුතු රටක් මේක..! අංගොඩ මානසික රෝහලේ අය සහ මෙයයි අතර ලොකු වෙනසක් නැතුව ඇති.
සෙල්ලමට තියෙන්නේ තවත් ටිකකාලයක් පමණයි. දාන සෙල්ලමක් දැන් තමයි.
මෙයාව නම් අංගොඩ යවන්න ඕනා අලුත් අවුරුද්දේ...
තවත් ඉල්ලන් කෑමක් වගෙයි.
පෙනුම විතරක් උඩුයටිකුරු වුණාට වැඩක් නෑ. ඔය සේරම එකයි. ඔක්කොම කරන්නේ වෙළඳාම.. රටේ මිනිස්සු බහුතරයක් බත් පැකට් එකට, අරක්කු බෝතලේට, රස්සාවට, වාසියට ඕනෑම හොරෙක් පාර්ලිමේන්තු යවන සමාජයක්... දේශපාලන වහල්ලු, මේ රට කවදාවත් හැදෙන්නේ නෑ රජයේ නාලිකා ගණිකාවෝ වගේ... එන එන රජයට රෙදි නැතිව කඩේයනවා. සමහර නාලිකා මල්ලිට කඩේ යනවා සමහරු ජාතික ලිස්ට් මන්ත්‍රීකම දුන්නේ නැති නිසා වෛරයෙන් කඩේ යනවා රෙදි නැතුව රාජපක්ෂට කඩේ යනවා..
ඉල්ලා අස්වෙන්නැයි ජනතාව කියන්නේ කාටද?
නමට විතරයි ඉන්නේ..... සේරම ගෙදර යවන්න
අන්තිමට මහින්ද මහත්තයා ආන්ඩුකාරවරයෙක් වෙයිවත්ද?
එජාපෙට පන්දම් අල්ලන අය ඉන්නේ.