(අජන්ත කුමාර අගලකඩ)
ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවති අතර,ඊට සහභාගි වූ ජනාධිපති වරයා,මැති ඇමතිවරුන්ට මේ බව දැනුම් දී ඇත .
ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා,රටේ ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයිද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇත.
COMMENTS
වැඩක් නැහැ... මොනවා කළත් පොහොට්ටුවට සහ එජාපයට මේ රටේ මොලේ ඇති සහ නැති බහුතරය විරුද්ධයි. ඡන්දෙ දෙන්නෙත් නෑ. ඔය පක්ෂ දෙකේ මිනිස්සුන්ට ඡන්දයක් ඉල්ලගන්න ගෙදර කාටවත් මිනිස්සු වද්දගන්නේ නැහැ. මේකයි සැබෑ යථාර්ථය. ඔය පක්ෂ දෙකම මේ රට කෑවා. විනාශ කළා. ජනාධිපතිවරයා බුද්ධිමත්ව කල්පනා කරලා පොහොට්ටුවට රැකවරණය දීමෙන් වැළකුණා නම් තරමකින් හෝ එජාප ඡන්ද වැඩිකරගන්න තිබ්බා. ඒත් දැන් ඒකත් බෑ...
පුළුවන්නම් ගමින් ගමට වරෙල්ලා බලන්න. රට කෑ නුඹලාව පිළිගන්න ගම්මු බුරුතු පිටින් සූදානමින් සිටින්නේ.. ජනාධිපති, අගමැති, කපුටා, ලොකු මයිනා, පොඩි මයිනා සමග පැමිණෙනවා නම්...
පොහොට්ටුවන්ට ගමකට තියා එළියට බහින්නවත් බැහැනේ...! කවුද දන්නේ මොනවයින් මොනවා වෙයිද කියලා...!
යාන්ත්‍රණේ ශක්තිමත් කරන්න පුන්නක්කු ටොන් කීදාහක් ඕනෑ වේවිද?
අයියෝ දැන් පොහොට්ටුවන්ගේ නායකයාත් රනිල්ද?
අපිත් පොහොට්ටු කාරයෝ එනකම් තමයි බලාගෙන ඉන්නේ වරෙල්ලා. රටම හොරාකාලා කාබාසීනියා කරපු හොර දූෂිතයින්...
වරෙන්කෝ ගමට නුඹලාට දෙන හැටි බලන්න.
මින් පස්සෙ කොස්ස තියන්නේ අපේ ගෙදර ඉස්සරහ දොර මුල්ලේ. ආවදෙන්..!
කොස්සට, ඉදලට, ඉලපතට වැඩ වැඩිවන කාලයක් උදාවෙනවා. මේවා නිෂ්පාදනය කරන අයට අනගි අවස්ථාවක්..!
ගොනා හැරෙන්නේ මොකටද කියලා ජනතාව අහලා තියෙන නිසා මෙයා හදන්නේ ඊළඟ වතාවේ ඒ පැත්තෙන් ජනාධිපති වෙන්නද කියලා හිතෙනවා චුට්ටක් බුද්ධිය කළඹා සිතා බලන්න...!
දැන් පේනවනේ නියම ස්වරූපය... මෙයාලගේ ඩීල් දේශපාලනේ පොහොට්ටුවේ නායකයා වගේ දැන් කතා කරන්නේ...!
ආවොත් රෙදි නැතුව තමා යන්න වෙන්නේ. ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු දූෂිත දේශපාලුවන්. වරෙව් දෙන්නම් වැඩේ...!
ඔව් ඉතින් මෙයාට යන්න කියලා ගමක් නැහැ නේ