IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපති පුටුවට දැනට 12ක් සටනට

(සුජිත් හේවාජුලිගේ සහ අමිල චින්තක ගමගේ)

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ව්‍යවසායක ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරු සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.

මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කෙරිණ.

අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.



අදහස් (8)

ජනපති පුටුවට දැනට 12ක් සටනට

Chinthaka Friday, 26 July 2024 05:20 AM

ඡන්ද පත්‍රිකාව සැකසීම නමට අනුව කරනවා නම් මුලින්ම අනුර දෙවනුව රනිල් තෙවනුව සජිත් වෙන්න පුළුවන්. ඒත් දිලිත් දෙවනුව සටහන් වෙන්න ඉඩක් තියෙනවා. කොහොම වුනත් ඡන්ද පත්‍රිකාව විශාල වෙනවා කියන්නෙ විශාල මුදල් නාස්තියක් වෙනවා. ඊළඟට මැතිවරණ අවස්ථාවල කටයුතු කරන සියලු දෙනාම දැඩිසේ අපහසුතාවට පත්කිරීමක් වෙනවා

:       37       8

Chandima Friday, 26 July 2024 06:13 AM

ඔතන දෙකේ පතිරණලා ගොඩක් ඉන්නවා

:       21       1

යෝගා Friday, 26 July 2024 06:21 AM

වැඩි හරියක් අවස්ථාවාදීන් හා මොලේ අමාරුකාරයන්. මේකෙන් වෙන්නේ ඡන්ද ලයිස්තුව දිගුවෙලා වියදම වැඩිවෙන එක පමණයි

:       0       49

Lakruwan Friday, 26 July 2024 08:46 AM

ජනතාවට විහිළු සපයන්නෝ.......

:       1       31

Kumara Friday, 26 July 2024 09:39 AM

අනුර කුමාර දිසානායක නියත ජනාධිපති.

:       90       47

jagath liyanage Friday, 26 July 2024 09:40 AM

කාටවත් 50% වඩා ගන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නේ ?

:       6       60

රංබොඩ Friday, 26 July 2024 10:57 AM

ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි තත්ත්වයන් මෙයිට වඩා ඉහළ තැනක තිබිය යුතුයි. මේ ඇප මුදල ඕනෑම කෙනෙකුට බැඳිය හැකි අතර රටේ උත්තරීතරම රාජකාරිය සඳහා පාරේ යන මිනිසුනුත් ඇප බඳින තත්ත්වයට පත් වී රටම හෑල්ලු වී ඇත.

:       1       41

ගමේ එකාලා Friday, 26 July 2024 12:03 PM

එක්කෙනෙකුට,දෙන්නෙකුට හැරෙන්ඩ අනික් අයට ඇපත් නැතිවෙයි .

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site